Open menu

 ඵලදායිතා ඒකකය


ඵලදායිතා කමිටුව
ඵලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් පිහිටුවා ඇති ඵලදායිතා ඒකකය තත්ත්ව කව 07 කින් සමන්විත වේ.ඒ ඒ තත්ත්ව කව මගින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඵලදායිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. ඵලදායිතා ඒකකය සියලුම අංශ ප්‍රධානින්ගෙන් හා නගර සභා ලේකම් තුමියගෙන් සමන්විතය

.
ඵලදායිතා කව 

සුපිපි කවය

 
ආයතන අංශය මෙම කවයෙන් නියෝජනය වේ. ආයතන අංශය තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන යෝජනා අදහස් මෙම කවය ඔස්සේ සාකච්ඡා කරනු ලබන අතර එම යෝජනා ප්‍රමුඛතා කිරීමත්,ඒ අනුව කවය විසින් තිරණය කර ගත නොහැකා යෝජනා ඵලදායිතා කමිටුවට ඉදිරිපත් කිරිමත් සිදු කරනු ලබයි. ඵලදායිතා කමිටු අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව යෝජනා ක්‍රියාත්මක කරනු ලැබේ.

 

ශක්ති කවය


මෙය කර්මාන්ත අංශයේ ඵලදායිතා කවය‍ වේ. මෙමගින් කර්මාන්ත අංශයෙන් සිදුකරන කටයුතු ඵලදායි ලෙස සිදුකරන අයුරු සොය බලයි. මේ යටතේ සිදුකල සාර්ථක ව්‍යාපෘතියක් ලෙස කර්මාන්ත අංශය මගින් නාගරික ජනතාව වෙත නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර , අනුමැති හා සහතික ඉතා කඩිනමින් ජනතාව ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

 

ප්‍රතිභා කවය


බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය, විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, නගර සභා ආයුර්වේදය, නගර සභා පෙර පාසැල වෙනුවෙන් ආරම්භ කර ඇති ඵලදායිතා කවය මෙය වෙයි. මෙය කවය සෑම මසකම රැස්වන අතර ජනතා හිතසුව පිණිස විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

 

පුබුදු කවය


ආයතනයේ ගිණුම් අංශය මෙම කවයෙන් නියෝජනය වේ‍.ගිණුම් කටයුතු කාර්යන්හී දී මතු වන්නා වු ගැටලු මෙන්ම නව්‍යතා එක් කර ගැනීමට යෝජනා අදහස් ලබා ගැනීමත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමත් සිදු කරනු ලබයි.


ඉසුරු කවය


ආයතනයේ ආදායම් අංශය මෙම කවයෙන් නියෝජනය වේ‍.ආදායම් තත්ත්ය ඉහළ නංවා ගැනීමට ආදායම් උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කර ක්‍රියාත්මක කරනු ලබයි.


පවිත්‍ර කවය


ආයතනයේ සෞඛ්‍ය අංශය මෙම කවයෙන් නියෝජනය වේ‍.සෞඛ්‍ය අංශය තුළින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් වලට අමතරව වෙනත් ප්‍රජා දැනුවත් කිරීම් හා වැඩසටහන් මෙන්ම නව හදුන්වා දීම් මෙම කවය මගින් සිදු කරනු ලැබේ.


හරිත කවය


සියලූම අංශ නියෝජනය වන පරිදි සමාජික සාමාජිකයන් දෙදෙ‍නෙකු බැගින් මෙම කවය සකස් වී ඇත.හරිත ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.