Open menu

කර්මාන්ත අංශය

මෙහෙවර - නෛතිකමය රාමුවක් ඔස්සේ ජනතා අභිලාෂයන් මුදුන් පමුණූවන පරිදි තිරසර වු ශෝභමාන වූ ආනන්දනීය පුරවරයක් ශ්‍රී ලංකා මාතාවට  උදා කරලීම.

දැක්ම - ශෝභමාන වු ආනන්දනීය පුරවරයක් උදා කරලිම.

 

‍කර්මාන්ත අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්

  • නගර සභා පාරවල් ,කාණු ,පැති බැමි,ප්‍රජා ශාලා,පඩි පෙල් ,ළිං , සුසාන භූමි යනාදිය සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් ගොඩ නැගීම හා නඩත්තු කිරිම.ජල, විදුලිය, වීථි රේඛා සහතික නිකුත් කිරිම.
  • නගර සීමාව තුල ඉදි වන්නා වු ගොඩනැගිලි , නිවාස හා වෙනත් සංවර්ධන කාර්යන් සඳහා අනුමැතිය ලබා දීම.පානීය ජලය හා පානීය නොවන ජලය, ජල බවුසර් මගින් ජනතාවට අවශ්‍ය වු විට ජලය ලබා දීම.
  • වීදි ‍පහන් නඩත්තුව.
  • ජිවිත හා දේපළ වලට හානිදායක ගස් කපා ඉවත් කිරීම.
  • ක්‍රීඩා පිටිය කුලියට දීම, ගල් රෝල කුලියට දීම, ජේ.සී.බී.යන්ත්‍රය කුලියට දීම, කොඩි කණු කුලියට දීම.

නගර සභා මාර්ග

නගර සභා මාර්ගයක් යනු

නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි මධ්‍යම රජයේ යටතේ ඇති AB මාර්ග හා පළාත් සභාව යටතේ ,E ශ්‍රේණියේ මාර්ග සහ කිසිදු ආයතනයකයට නම් නොකරන ලද හා කිසිදු අයුරින් ‍පෞද්ගලික අයිතිවාකමක් නොකියන නගර සීමාව තුල ඇති මාර්ග නගර සභා මාර්ග වේ.නගර සභා මාර්ග කැඩි බිදී ගිය අවස්ථාවන් වලදි හෝ අලුත්වැඩියා සිදු කළ යුතු අවස්ථාවන්හි එය අලුත්වැඩියා කිරීම හා නව පාරක් ඉදි කිරීමක් අවැසි විටකදි මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග :


*ලිඛිතව හෝ අප ආයතනයට පැමිණ දැනුම් දීම.

*තම මහජන නියෝජිත මාර්ගයෙන් දැනුම් දීම.

එය සිදු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  • මහජන ඉල්ලීම මත පාරවල් තෝරා ගැනීම
  • වැඩ අධිකාරි හෝ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය මත පාරවල් තෝරා ගැනීම.
  • සභාපති තුමාගේ ලේකම්තුමියගේ අනුමැතිය මත ඇස්තමේන්තු සකස් කිරීම.
  • පළාත් සභාව තුළින් අනුමැතිය ලබා ගැනිම.
  • ටෙන්ඩර් කැඳවිය යුතු කර්මාන්ත තෝරා ගැනීම.
  • ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම.
  • ටෙන්ඩර් කර, කොන්ත්‍රාත් කරුවන් ලවා සිදුකර නොගන්නා කර්මාන්ත නගරසභා කම්කරුවන් ලවා සිදු කර වීම.

 

කාණු පද්ධතිය
නගර සභාවට අයත් කාණු යනු?


මධ්‍යම රජය තුළින් පාලනය නොවන නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි කාණු පද්ධතියන්ය.ඉහත සඳහන් කාණු නඩත්තුව හා අලුත්වැඩියාව බළන්ගොඩ නගර සභාව විසින් කලින් කලට සිදු කරයි.

කාණු කැඩි බිදී ගිය විට අලුත්වැඩියා කිරීම හා නව කාණු පද්ධතියක් ඉදි කිරිම අවැසි විට ඒ සදහා මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග,


*ලිඛිතව හෝ පැමිණ ඉල්ලීම් කිරිම

*මහජන නියෝජිත මාර්ගයෙන් ඉල්ලීම් කිරීම 

ළිං හා පීලි

නගර සභා සතු දේපල වල තිබෙන්නා වු හා වැඩි දෙනාගේ සුභ සිද්ධිය උදෙසා පෞද්ගලික ඉඩම් වල තිබෙන නගර සභාවට පවරා දුන් ළිං හා පීලි නගර සභා ළිං හා පීලි ලෙස හැඳින් වේ.
නඩත්තුව හා අලුත්වැඩියාව නගර සභාව තුළින් සිදු කරනු ලැබේ.

ප්‍රජා ශාලා
යම් කිසි ප්‍රදේශයක් තුළ නගර සභා සතු නිත්‍යානුකුල දේපලක ජනතාවගේ රැස්වීම්,සමිති සමාගම් වැනි පොදු කටයුතු උදෙසා ඉදි කරන ලද්දකි. පෞද්ගලික ඉඩමක් ඉඩම් හිමියා විසින් නිත්‍යානුකූල ව නගර සභාවට පවරා එහි නගර සභා ප්‍රජා ශාලාවක් ඉදිකර තිබිය හැකිය. නිසි කලට නඩත්තුව හා අලුත්වැඩියාව නගර සභාව ලෙස සිදු කරනු ලැ‍බේ.

බළන්ගොඩ නගර සභා ප්‍රජා ශාලා පිහිටි ස්ථාන,

*බෝම්බුව

ගමන් මාර්ගය -පෙට්ටිගල පාරෙහි ‍බෝම්බුව 3 පටුමගෙහි ක්‍රිඩා පිටිය අසල පිහිටා ඇත.

‍*වැවවත්ත

ගමන් මාර්ගය -රාස්සගල පාරෙහි වැවේවත්ත ගාඩ්න් ප්‍රදේශයේ පිහිටා ඇත.

*අනඳමෙත්ගම

ගමන් මාර්ගය -කොළඹ බදුල්ල මාර්ගයෙහි කිරිඳිගල අනඳමෙත්ගම පාරෙහි පිහිටා ඇත.

*කිරිමැටිතැන්න

ගමන් මාර්ගය - කිරිමැටිතැන්න ලක්සිරි උයනගම පිහිටා ඇත.

 

ගොඩනැගිලි ඉදිකිරිම් අනුමැතිය ලබා දීම

ගොඩනැගිලි අනුමැතියක් යනු කුමක්ද?
නගර සීමාව තුළ කරනු ලබන සියඵම ඉදිකිරීම් ‍සඳහා නගර සභා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන නිර්ණායකයන් මත සැලසුම් සකස් කර ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා නිල වශයෙන් අවසර ලබා දීම ගොඩනැගිලි සැලසුම් අනුමැතියක් ලෙස හඳුන්වයි.

ගොඩනැගිලි අනුමැතියක් ලබා ගත යුත්තේ ඇයි?

නිවාසයක් හා ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමක දී නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පරේක්ෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන රෙගුලාසි හා නීති රීති වලට අනුකූලව ගොඩනැගීම සඳහා.

ගොඩනැගිලි අනුමැතියක් සදහා සම්පූර්ණ කරන ලද අයඳුම් පත සමඟ පහත සඳහන් ලිපි ලේඛන රැ‍ගෙන ආ යුතුය‍.

ගොඩනැගිලි අයඳුම්පත් ගාස්තු රු. 500.00

• ඔප්පු පිටපත (මුල් පිටපත) හෝ හිමිකම් සහතිකයේ පිටපත

• මුල්බිම් කට්ටි සැලසුම (මුල් පිටපත)

• සහතික කරන ලද අනුමත පිඔුරු පතෙහි පිටපත

• ගොඩනැගිලි සැලසුම් ප‍තේ පිටපත් 03

• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව (NBRO)

 ගොඩනැගිලි අයඳුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නාවු ක්‍රියා පටිපාටිය,

  •  වැඩ අධිකාරිගේ නිරීක්ෂණය
  •  මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය
  •  නාගරික සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය
  •  නිවැරදිව සකස් වී ඇති අයඳුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  •  කමිටුව තුලින් අනුමත කරීම
  •  අනුමැතියෙන් අනතුරුව සහතිකය ලබා දීම.

ගොඩනැගිලි අනුමැතිය ලබා නොගත් විට එම ඉදිකිරිම

  • අනවසර ඉදිකිරීමක් වේ.
  • දඩ මුදලක් අය කෙරේ/ගොඩනැගිල්ල කඩා ඉවත් කෙරේ. 

බිම් කට්ටි අනුමැති සහතිකය

බිම් කට්ටි අනුමැතියක් යනු කුමක්ද?
නිවාසයක් හා ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමට පෙර එම භුමිය ඉදිකිරීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පරේක්ෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මඟින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත බිම් කට්ටියක් සඳහා අවසර දෙනු ලැබේ.

නිර්ණායක
බිම් කට්ටි අනුමැතිය ලබා ගත යුත්තේ ඇයි?
පළාත් පාලන ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පනවා ඇති නීති රීති රෙගුලාසි වලට අවනතව, බිම් කට්ටිය සකසා ඇති බවට පිළිගැනීම සඳහා වේ.

සම්පූර්ණ කරන ලද අයඳුම් පත සමග පහත සදහන් ලිපි ලේඛන රැ‍ගෙන ආ යුතුය‍.

බිම් කට්ටි අයඳුම්පත් ගාස්තු රු.300.00

• ඔප්පු පිටපත(මුල් පිටපත) හෝ හිමිකම් සහතිකයේ පිටපත

• මුල් කට්ටි සැලසුම(මුල් පිටපත)

• පිඹුරු පතෙහි මුල් පිටපත හා සහතික කරන ලද ඡායා පිටපත් 02

• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව (NBRO)

බිම් කට්ටි අනුමැතිය ලබා නොගත් විට,
නීත්‍යානුකුල නොවන බිම් කට්ටියක් ලෙස නම් කර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා නොදීම හා දඩ මුදලක් අය කිරීම සිදු වේ.

බිම් කට්ටි අයදුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නාවු ක්‍රියා පටිපාටිය,

  •  වැඩ අධිකාරිගේ නිරීක්ෂණය.
  •  මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය.
  •  නාගරික සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය.
  •  නිවැරදිව සකස් වී ඇති අයදුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  •  කමිටුව තුළින් අනුමත කිරීම.

අනුමැතියෙන් අනතුරුව සහතිකය ලබා දීම.

අනු බෙදුම් සහතිය ලබා ගැනීම
අනු බෙදුම් සහතිනයක් යනු කුමක්ද?
යම් කිසි විශාල ඉඩමක් බෙදීමට ලක් කොට විකිණීමේ දී හෝ යම් කිසි ඉදිකිරීමක් සිදු කිරිමට ප්‍රථම එය නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත අනුමැතිය සිදු වී ඇති බව පිළිගනු ලබන සහතිකය වේ.


අනු බෙදුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?
නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන රෙගුලාසි යටතේ බිම් කට්ටිය ‍බෙදීම් කර ඇති බව සනාථ කිරීම සදහා.


අනු බෙදුම් සහතිකය ලබා නොගත් විට,

  • ‍කිසිදු ඉදීකිරීමකට අනුමැතිය ලබා නොදේ.
  • නිත්‍යානුකූල ඉඩමක් ලෙස පිළි නොගැ‍නේ.
  • දඩ මුදලකට යටත් වීමට සිදු වේ.

බිම් කට්ටි අයඳුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නා වු ක්‍රියාපටිපාටිය

  •  වැඩ අධිකාරීගේ නිරීක්ෂණය.
  •  මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය.
  •  නාගරික සංවර්ධන අධිකාරියේ කාර්මිකගේ නිරීක්ෂණය.
  •  නිවැරදිව සකස් වී ඇති අයඳුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  •  කමිටුව තුළින් අනුමත කරීම.
  •  අනුමැතියෙන් අනතුරුව සහතිකය නිකුත් කිරීම.

අනුකුලතා සහතිකය ලබා දිම.
අනුකූලතා සහතිකය යනු කුමක්ද?

ඕනෑම ඉදිකිරීමක් (ගොඩනැගිල්ලක් හෝ තාප්පයක්) සඳහා අනුමැතිය ලබා ගත් පසු , එම ඉදිකිරීම අදාළ කාලය තුළ සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව සැලසුමේ ආකාරයට පදිංචියට හෝ භාවිතයට සුදුසු පරිදි ඉදි කර ඇති බවට දෙනු ලබන සහතිකයයි.

  400 m2 දක්වා තනි පුද්ගල(නේවාසික)
මහල් නිවාස (නේවාසික)
 නේවාසික නොවන
රු.4000.00
රු.5000.00
 රු.5000.00

අනුකූලතා සහතිකය සදහා වන අයදුම්පත්‍රය- බාගත කරන්න

සැලසුමක වලංගු කාල සීමාව වන්නේ වසරක කාලයක් පමණක් වන අතර එම කාලය තුළ දී ඉදි කිරීම් අවසන් කර අනුකූලතා සහතික ඉල්ලලුම් පත්‍රය මෙම සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.(කාලය දීර්ඝ කිරීම වසර 1 ට 1000m2 දක්වා රු.5000.00 )

යම් හෙයකින් වසරක කාලයක් තුළ ඉදි කිරීම් අවසන් කිරීමට නොහැකි වුවහොත් මෙම සභාව වෙත ඉල්ලීමක් කර කාලය දීර්ඝ කර ගත යුතු ය.එසේ කාලය දීර්ඝ කළ හැක්කේ වලංගු එක් අවුරුදු කාලය හැර ඉදිරි වසර 2ක් සඳහා පමණි.

 ජල සේවාවලබා දීම
නගර සීමාව තුල හෝ නගර සීමාවෙන් පිටතට අප ආයතන‍ය සතු ජල බවුසරයේ සේවය ලබා දේ. පානීය ජලය හා පානීය නොවන ජලය ඉල්ලුම් කරුගේ අභිමතාර්ථය මත ලබා ගත හැක.

‍සභාපති /ලේකම් වෙත ඉල්ලුම් කිරීම.(අප ආයතනයට පැමිණ අයදුම් පත්‍රය සම්පූර්ණ කර අදාළ ගාස්තු ගෙවිය යුතුය. )

ජල සේවා සඳහා වන අයදුම්පත්‍රය - බාගත කරන්න

පානීය ජලය රු. 6000.00 + රජයේ බදු

පානීය නොවන ජලය රු. 5300.00 + රජයේ බදු

ස්ථානයේ නතර කර තැබීම දිනකට රු. 4000.00 + රජයේ බදු

                (මාර්ග සංවර්ධන කටයුතුවලදී ජලය ඉසීම හෝ පාර සේදීම වෙනුවෙන් එක

            ජල බවුසරයක් සඳහා අමතර රු.2500.00)

           ඉහල ජල බවුසර නගර සීමාවෙන් පිටතට ගෙන යාමේදී සීමාවෙන් පිට කිලෝ මීටරයකට

           රු.350.00+ රජයේ බදු අය කෙරේ.
ආයතනයෙන් ලබා දෙන්නා වු අයදුම්පත සම්පූර්ණ කර දිය යුතුය.

ඔබට අවශ්‍ය දිනයට අවශ්‍ය වේලාවට අපගේ සේවාව සපයා ගත හැක.

ක්‍රීඩා පිටිය කුලියට දීම

ක්‍රීඩා පිටිය සදහා වන අයදුම්පත්‍රය - බාගත කරන්න
             ක්‍රීඩා පිටිය පමණක් දිනකට රු. 5000 + රජයේ බදු

 ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකාගාරය සමඟ රු. 8000 + රජයේ බදු

                 සැණකෙළි හා සංගීත සංදර්ශන එක් රාත්‍රියක් පැවැත්වීම සඳහා 

                 (විදුලි ආලෝකය සමඟ) රු.25000.00

                ක්‍රීඩා උත්සව පැවැත්වීම එක් රාත්‍රියක් සඳහා රු.10000.00

බැකෝලෝඩර් යන්ත්‍රය කුලී පදනම මත ලබා දීම
නගර සීමාව තුළ හා නගර සීමාවෙන් පි‍ටතට අප ආයතනය සතු බැකෝලෝඩර් යන්ත්‍රය ලබාදෙනු ලැබේ.

ආයතනයට පැමිණ ලේකම් /සභාපති වෙත ඉල්ලුම් කිරීම. (දින 03 ට පෙර ඉල්ලුම් කර වෙන් කර ගත යුතුය).

බැකෝලෙ‍ා්ඩර් යන්ත්‍රය සදහා වන අයදුම්පත්‍රය- බාගත කරන්න

ඊට අදාළ ගාස්තු,

පැයකට රු. 6500.00 + රජයේ බදු(ක්‍රියාකරු හා ඉන්ධන සමඟ)

ලෙලෙන තලනය(ටොන් 01)කුලී පදනම මත ලබා දීම.

ලෙලෙන තලනය සදහා වන අයදුම්පත්‍රය- බාගත කරන්න
ඊට අදාළ ගාස්තු,

පැය 8 ක සේවය දින 1 සඳහා රු. 5000.00 + රජයේ බදු

            පැය 8 ක සේවය දින 1/2 සඳහා රු. 3500.00 + රජයේ බදු

            යන්ත්‍ර පැය 1 සඳහා ක්‍රියාකරු සහ ඉන්ධන සමඟ රු. 5900.00 + රජයේ බදු

මොටර් ග්‍රේඩරය කුලී පදනම මත ලබා දීම

           යන්ත්‍ර පැය 1 සඳහා ක්‍රියාකරු සහ ඉන්ධන සමඟ රු. 6500.00 + රජයේ බදු


කොඩි කණු කුලී පදනම මත ලබා දීම

උත්සව අවස්ථාවන් සඳහා කොඩි කණු අප ආයතනයෙන් ලබා ගත හැක.

කොඩි කණු කුලීයට දීම සදහා වන අයදුම්පත්‍රය- බාගත කරන්න
ඊට ආදළ ගාස්තු,

එක් කොඩි කණුවක් දින එකකට රු. 150.00 + රජයේ බදු

ජල සහතික /විදුලි සහතික
ජල සහතිකය හා විදුලි සහතිකයක් යනු,
නගර සීමාව තුළ පිහිටි නිවසකට හෝ ගොඩනැගිල්ලකට ජල හෝ විදුලි පහසුකමක් ලබා ගැනීමේ දි, එම නිවස හෝ ගොඩනැගිල්ල, සැලසුම් අනුමත කර සදා තිබීම, යම් කිසි නොපවරා ගැනීමක් සිදු නොකට ඇති බවත් හා වරිපනම් බදු ගෙවා ඇති බව යන නිර්දේශයන් සපුරා ඇති බවට දෙන්නා වු සහතිකය වේ.

ජල සහතික /විදුලි සහතික ලබා දීම සඳහා යොමු කරන්නා වු ක්‍රියා පටිපාටිය,

  •  ආයතනයෙන් අයඳුම් පත නිවැරදි‍ව පුරවා ගෙන ඒම. (අයදුම්පත- බාගත කරන්න)
  •  ආදායම් පරීක්ෂක /වැඩ අධිකාරීගේ නිර්දේශය ලබා ගැනීම.
  •  ලේකම් සභාපති අනුමැතිය මත සහතිකය නිකුත් කිරීම.

සහතිකය ලබා ගැනීම සඳහා ඔබ විසින්,

  •  වරිපනම් අංකයක් ලබා තිබිය යුතුය.
  •  අනුමත ගොඩනැගිලි හා බිම් කට්ටි සැලැස්මක් තිබිය යුතුය.


අදාළ ගාස්තු,

පෝරම ගාස්තු රු. 300.00 + රජයේ බදු

ජල සම්බන්ධතා ගාස්තු රු. 600.00 + රජයේ බදු

මුළු ගාස්තුව රු. 900.00

 

වීථී රේඛා සහතික ලබා දීම.
වීථී රේඛාවක් යනු,
ප්‍රධාන මර්ගයේ සිට ගොඩනැගිල්ලක් හෝ නිවසක් ඉදිකිමේ දී මාර්ගයට අත් හැරිය යුතු ඉඩ ප්‍රමාණය වේ.


වීථී රේඛා සහතිකය යනු,
ප්‍රධාන මාර්ගයේ සිට ගොඩනැගිල්ලක් හෝ ඉදිකිමේ දී මාර්ගයට අත් හැරිය යුතු ඉඩ ප්‍රමාණය නිවැරදි ව සකස් කිරිම හා වීථී රේඛා වලින් නිදහස් බවට සහතික කිරීමයි.

• ආයතනයේ අයඳුම් පත නිවැරදිව පුරවා ‍ගෙන ඒම.(අයදුම්පත- බාගත කරන්න )

• ආදායම් පරික්ෂක වැඩ අධිකාරී නිර්දේශය කිරීම.

• ලේකම් අනුමැතිය මත සහතිකය නිකුත් කිරීම.

සහතිකය ලබා ගැනීම සදහා,


• ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත් ද,

• පිඹුරු හා එහි ඡයා පිටපතක් ද,

• අයඳුම්පත සහ ඡායා පිටපතක් ද, ඉදිරිපත් කල යුතුය

අදාළ ගාස්තු,

පෝරම ගාස්තු රු. 300.00 + රජයේ බදු

මුඵ ගාස්තුව රු. 1250.00 

අනතුරුදායක ජීවිත අ‍වදානම් ගස් ඉවත් කිරීම.
මහජන පැමිණිලි මත ජීවිත හා දේපල වලට හානිදායක ගස් පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම. එම පැමිණිලි භාරදීමේදී අනතුරුදායක ගස් ආකෘති පත්‍රය පුරවා පරීක්ෂණ ගාස්තු රු. 500.00 ගෙවිය යුතුයි. (අයදුම්පත- බාගත කරන්න )

මහජන පැමිණිලි මත තම දේපළවලට හා ජිවිත වලට හානිකර ගස් පිළිබද වැඩ අධිකාරි /කාර්මික නිළධාරීන් පරික්ෂා කිරීම.

අදාළ දේපල පිළිබද වාර්තා ගත කිරීම.(රජය සතු දේපලක් ද හා පෞද්ගලික දේපලක් ද යන්න.)

වාර්තා ගත කර අනතුරුදායක බව හඳුනා ගෙන දින 14 ඇතුලත කපා ඉවත් කර ගැනිමට නියෝග ලබා දීම.

ක්‍රියාත්මත නොවුනු විට නැවත දින 07 ක් කල් දීම.

තෙවන වරටත් නියෝග පිළි නොගන්නා විට උසාවිය හා සම්බන්ධ වී ආයතනය මඟින් කපා ඉවත් කර ඊට අ‍දාළ ගාස්තු අය කර ගැනීම.

වීථි පහන් නඩත්තුව
වීථි පහනක් යනු,
පළාත් පාලන ආයතන තුළින් පොදු මං මාවත් මාහාමාර්ග ඇතුළු පොදු ස්ථාන වල රාත්‍රී ආලෝකකරණය සඳහා සවි කර ඇති විදුලි පහන් වේ.

වීථි පහනක් නඩත්තු කරිමේ ක්‍රියා පටිපාටිය,

  • මහජන පැමිණිලි භාරගැනීම.
  • වැඩ අධිකාරි පරික්ෂා කිරිම.
  • විදුලි කාර්මිකට වාර්තා කිරීම.
  • විදුලි කාර්මික විසින් ස්ථානය පරීක්ෂා කර විදුලි බුබුළු සවි කිරීම.

විථී පහන් නඩත්තු පිළිබඳ ඔබට පැමිණිලි කාර්යාලයට පැමිණ හා දුරකථන මඟින් ලබාදිය හැක.

බලංගොඩ නගර සභාවෙන් සපයනු ලබන වෙනත් සේවාවන් සඳහා ගාස්තු පැනවීම - 2023

අනු අංකය සේවාව  කාරණය  2023 වර්ශයට ගාස්තුව රු.
01  ගොඩනැගිලි රේඛා සහතිකයක් ලබා ගැනීම   අයදුම්පත්‍ර ගාස්තුව  300.00
 සහතික ගාස්තුව
1250.00
02  නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම   අයදුම්පත්‍ර ගාස්තුව  300.00
  සහතික ගාස්තුව  1250.00
03  අනුමත මිනින්දෝරු සැළැස්ම
 සහතික පිටපතක් නිකුත් කිරීම
 500.00
ලේකන සෙවීමේ ගාස්තුව- නම පමණක් ලබා දී ඇති විට 800.00
ලේකන සෙවීමේ ගාස්තුව- නම හා වර්ශය ලබා දී ඇති විට

600.00

ලේකන සෙවීමේ ගාස්තුව- නම හා අංකය ලබා දී ඇති විට 400.00
04 අනුමත ගොඩනැඟිලි සැලැස්ම  සහතික පිටපතක් නිකුත් කිරීම 1000.00
ලේකන සෙවීමේ ගාස්තුව- නම පමණක් ලබා දී ඇති විට 800.00
ලේකන සෙවීමේ ගාස්තුව- නම හා වර්ශය ලබා දී ඇති විට 600.00
ලේකන සෙවීමේ ගාස්තුව- නම හා අංකය ලබා දී ඇති විට 400.00
05   මාරිග පළුදු කිරීම   කාපට් ඇතිරූ මාර්ග තලය පළුදු කිරීම අවසර නැත
තාර/කොන්ක්‍රීට්/අන්තර් සම්බන්ධිත ගල් අතුරන ලද මාර්ග තලය පළුදු කිරීම වර්ග මීටර් 01සඳහා 1500.00
පස් සහිත මාර්ග උරහිස සහ මාර්ග තලය පළුදු කිරීම වර්ග මීටර් 01සඳහා 300.00
 06  හිස් තාර බැරල්  එක් තහඩුවක් සඳහා  300.00

 

වැඩි විස්තර සදහා විමසීම් කළ යුතු දුරකථන අංකය - (+94) 045 4930830

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.