Open menu

 බලංගොඩ නගර සභ‍ාවේ සෞඛ්‍ය අංශය

 

දැක්ම       -  2025 දී පරිසර හිතකාමී ආනන්දනීය නගරයක්........

මෙහෙවර  -  නගර සභා ආඥා පනත,අතුරු ව්‍යවස්ථා හා නීතියෙන් පැවරී ඇති මහජන සෞඛ්‍යට අදාළ බලතල නිසි ලෙස ක්‍රියාත්මක කරමින් තිබෙන සම්පත් උපරිමාකාරයෙන් යොදා ගනිමින්,ජාතික හා අන්තර් ජාතික ආයතන වල සහයෝගය ලබා ගනිමින්,සෞඛ්‍ය ආරක්ෂිත බෝවන රෝග වලින් තොර පරිසරය සංරක්ෂණය කරමින් ,ආපදා සදහා සූදානම් ප්‍රත්‍යක්ෂ නගරයක් ‍ලෙසින් සංවර්ධනය කරමින් මනා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයක් තුළින් හරිත රැකියා බිහි කරමින් ,හරිත නගරයක් බිහි කරලීම සදහා උර දීම.

 

නිළධාරි මණ්ඩලය

• මහජන සෞඛ්‍ය පරීක්ෂක
• සංවර්ධන නිළධාරි
• කළමණාකරක සහකාර
• සෞඛ්‍ය පාරිපාලක
• සෞඛ්‍ය කම්කරුවන්

අප අංශයෙන් සිදු කරන්නා වු සේවාවන්

  1. ආහාර සුරත්ෂිතාවය හා පරික්ෂාව
  2. රෝග වාහක පාලනය
  3. පාරිසරික බලපත්‍ර ලබා දීම
  4. නොදිරන කසළ කළමනාකරණය (පාසල් හා ග්‍රාමීය 3R කමිටු)
  5. වැසිකිළි ආධාර ලබා දිම
  6. ජල සාම්පල් පරික්ෂාව
  7. විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රධානය
  8. ගලි බවුසර් සේවා ලබා දිම
  9. සුසාන භූමි නඩත්තුව හා පවත්වාගෙන යාම. (මිහිදන් උයන්)
  10. ගිනි නිවීමේ සේවාව ලබා දිම

 01 ආහාර සුරක්ෂිතතාවය හා පරික්ෂාව

නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය අලෙවි සැලක ආහාර වල ‍පිරිසිදු බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබදව තත්ත්ව පරීක්ෂාව ‍සිදු කෙරේ. මෙමගින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.

  1. සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදිම සදහා ආහාර පරිහරණය කරන්නන් හා ආයතන හිමියන් සක්‍රිය දැනුවත් කිරීම.
  2. ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරිම .
  3. ආහාර වල ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම හා එය පවත්වාගෙන යාම.

ආහාර පරිහරණ ආයතන පරික්ෂාවෙන් අනතුරුව ඒවා පහත පරිදි වර්ගීකරණයන් සිදු කරනු ලබයි.මෙම පරික්ෂාව පිළිබදව විස්තර නගරසභා කාර්යාලයෙන් ලබා ගත හැක.

01 ලකුණු 75-100%   A ශ්‍රේණිය (හොදයි) Green
02 ලකුණු 50-74  %   B ශ්‍රේණිය (සතුටුදායකයි) Yellow
03 ලකුණු 25-49  %   C ශ්‍රේණිය (අසතුටුදායකයි) Orange
04 ලකුණු 0 -24   %   D ශ්‍රේණිය (ඉතා අසතුටුදායකයි) Red

01 ආහාර කර්මාන්ත.(කේතය FF)

මනුෂ්‍ය පරිභෝජනය සදහා කිසියම් ආහාරයක් හෝ පානයක් අර්ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් නිෂ්පාදනය කරන,පරීක්ෂණය කරන හෝ ඇසිරිම කරනු ලබන ස්ථානයක් අදහස් කරනු ලබන අතර ඊට බේකරි සහ ඇඹරුම් ක්‍රියාවලිය පමණක් සිදු කරන ඇඹරුම්හල් අයත් නොවේ.

02 හෝටලය.(කේතය-HT)

මානුෂ පරිභෝජනය සදහා ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්වත් සකස් කර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහස් කෙරේ.

03 බේකරිය (කේතය BR )

පාන් සහ තිරිඟු පිටි හා වෙනත් පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අදහස් වේ.

04 තේ/සිසිල් පැන් ශාලා

ප්‍රධාන ආහාර වේලක් ‍‍නොවන ආහාර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහක් වේ.

05 සිල්ලර වෙළඳසැල (කේතය GS)

ආහාර පිළියෙල කරන හෝ සකස් කිරිමේ ක්‍රියාවලියකින් තොරව,සකස් කළ ආහාර හෝ ආහාර අමුද්‍රව්‍ය සිල්ලරට අලෙවි කරන ස්ථාන අදහස් වේ.

06 සුපිරි වෙළඳසැල (කේතය SM)

පාරිභෝගිකයන්ට තමා විසින්ම ආහාර තෝරා ගැනිමට අවස්ථාව සලසා ඇති.ආහාර ඇතුළු විවිධ වර්ගයේ පාරිභෝගික භාණ්ඩ රැසක් අළෙවි කරන මහා පරිමාණ වෙළෙදසැල් අදහස් කෙරේ.

07 වෙනත්(කේතය OT)

ඉහත කාණ්ඩ හයට අයත් නොවන සෙසු සියළු ආහාර පරිහරණ ආයතන මේ කාණ්ඩයට අයත් වේ.
එමෙන් ම මෙම පරීක්ෂණය සිදු කිරිමෙන් පසුව ආහාර පරිහරණ ආයතන සඳහා ශ්‍රේණි ලබා දිමක් සිදු කෙරේ.

02 රෝග වාහක පාලනය

• මදුරුවන්, මැස්සන් හා මීයන් යන සතුන් වර්ධනය පාලනය කිරීම හා වර්ධනය මෙන්ම රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම ‍හා බෝවන රෝග පිළිබඳ සොයා බලා සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම වැනි ප්‍රධාන කාර්ය්‍ය වේ.මේ යටතේ,

(අ) ජලභිතිකා රෝග පාලනය

• නගර සභා බල ප්‍රදේශයේ තුළ සිටිනා සුනඛයින් එන්නත් කිරිම මෙමගින් සිදු කරනු ලබයි.මෙම රෝගය වැළඳී ඇති සුනඛයින් හඳුනාගත් විට විනාශ කිරීම මෙන් ම ජංගම සේවාවන් පවත්වා සුනඛයින් ලියාපදිංචි කිරිම හා බලපත්‍ර නිකුත් කිරීම සිදු කරයි.

(ආ) ඩෙංගු රෝගය පාලනය කිරීම

ඩෙංගු රෝග පාලනය සදහා විවිධ වු ක්‍රියාමාර්ගයන් රෝග වාහක පාලනය තුළින් සිදු කෙරේ.මෙම රෝගය වැළැක්වීම සදහා බලංගොඩ නගර සභාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා ඒකාබද්ධව විවිධ වැඩසටහන් ප්‍රජා සහයෝගය ඇතිව සිදු කරනු ලබයි. මෙහිදි ප්‍රධාන වශයෙන් නිවාස පරික්ෂාව සිදු කරන අතර එහිදි මදුරුවන් බෝවන ස්ථාන ඇති නිවාස සදහා නිතීමය ක්‍රියා මාර්ගයන් ගනු ලබයි.

තවද ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නගර සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි ‍ නොදිරන ද්‍රව‍්‍ය එක් කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. නොදිරන ද්‍රව්‍ය එකතු කිරීමේ රථය පහත පරිදි ඔබ ප්‍රදේශයට පැමිණෙනු ඇත.

03 පරිසර බලපත්‍ර ලබා දීම

නගර සභා බල ප්‍රදේශය තුළ පවතින්නාවු පහත සඳහන් කාණ්ඩයන්ට අයත් කර්මාන්ත ශාලා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන්නාවු කොන්දේසි මත නගර සභාවෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතු ය.

                                                                                 "ඈ"
 පරිසර බලපත්‍ර නිකුත් කරනු බලන කර්මාන්ත
1.  සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නිකුත්ව සිටින ඉටිපන්දම් නිශ්පාදන කර්මාන්ත.
2.  සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින බතික් කර්මාන්ත.
3.  සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන(ලොන්ඩ්‍රි)
4.  රෙදි වියන යන්ත්‍ර / මැෂින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රෝයිඩර් කිරීමේ කර්මාන්ත.
5.  දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
6.  පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිශ්පාදන ධාර්තාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
7.  දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මද්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල්ගත කිරීමේ කර්මාන්ත.
8.  දිනකට කිලෝග්‍රෑම් 500 ඊට  වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්.
9.  මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිශ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.

10.  සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
11.  එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
12.  සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
13.  සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණජමය තේ මිශ්‍ර කිරීමේ/ මුහුවම් කිරීමේ කර්මාන්ත.
14.  සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිශ්පාදනය කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
15.  දිනකට පිටි කිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරී හා රසකැවිලි නිශ්පාදන කර්මාන්ත.
16.  ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂින් 100 හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්.
17.  ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
18.  ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්.
19.  වැඩුණු සතුන් මුළු එකතුව 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.

* මිශ්‍ර ගොවිපලවල් සදහා අනුපාතය = පක්ෂින් සංඛ්‍යාව +[50x(ඌරන් සංඛ්‍යාව +ගවයන් සංඛ්‍යාව ) +10x(එළුවන් සංඛ්‍යාව )]

20.  ගබඩා ධාරිතාව ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ වැඩි එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
21.   කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
22.  යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලෙ‍ාක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
23.   දිනකට නිශ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණුගල් පොරණු.
24.   සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින "ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස්" අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්.
25.   බෙලිකටු කැබලි කිරීමේ / පතුරු කිරීමේ කර්මාන්ත.
26.   උළු හා ග‍ඩොල් පෝරණු.
27.   වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු කිරීමේ කර්මාන්ත.
28.   කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
29.   පුපුරණ ද්‍රව්‍ය එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු.
30.   දිනකට ඝන මීටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත.
31.   දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
32.   බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
33.   සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හොටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
34.   පදිංචි සංඛයාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
35.   විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරිම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ්.
36.   වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත.
37.   ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණනාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
38.   මාතෘ ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.
39.   මෙම උපලේඛනයේ "ඈ" කොටසේ ඇතුළත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක් / කර්මාන්තයක්.

පරිසර ආරක්ෂක බලපත්‍රය ලබා ගැනීම සඳහා පහත ලේඛන නගරසභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.

• නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත
• ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත් 01
• අප ආයතනය මගින් එම වර්ෂයට ලබා ගත් වෙළද බලපත්‍ර පිටපත් 01
• අදාල ‍ගොඩනැගිල්ල පිළිබද අනුකුලතා සහතික පිටපත් 01 (ගොඩනැගිල්ලේ අනුමත සැලැස්ම)
• භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කැනීම් බලපත්‍ර පිටපත් 01
ස්ථානයට ලගා විය හැකි මාර්ග විස්තරය
ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම(පිඹුර)

 බලපත්‍රය ලබා දෙන්නාවු ක්‍රියා පටිපාටිය

  •  අදාළ නිළධාරින් ලවා ස්ථානීය පරික්ෂාව සිදු කිරීම
  •  තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම
  •  කමිටුව මගින් අනුමැතිය ලබා ගැනීම
  • බලපත්‍රය නිකුත් කිරීම

බලපත්‍රය නිකුත් කිරීම සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලබයි.

පරීක්ෂණ ගාස්තු රු 3000 සිට ආයෝජනයට ගලපමින් හා රජයේ අනුමත බදු
බලපත්‍ර ගාස්තු රු 4000 හා රජයේ අනුමත බදු

04 නොදිරන කසළ කළමනාකරණය (පාසල් හා ග්‍රාමීය 3R කමිටු)

පාසල් 3R සමාජ පිහිටු විම
පාසල් දරුවන් හා ග්‍රාමීය කමිටු දායක කර ගනිමින් විධිමත් ලෙස කසල කළමණාකරණයන් පවත්වාගෙන යාම සදහා පිහිටුවා ගන්නා සංවිධානයකි.
මෙමගින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.

• ඝන අපද්‍රව්‍ය කළමාණාකරනය පිළිබඳව පාසල් සිසුන්ගේ හා ග්‍රාමීය කමිටු සාමාජිකයින්ගේ දැනුම,ආකල්ප,කුසලතා,වර්ධනය කිරීම මගින් චර්යාත්මක වෙනසක් කිරීම.
• අපද්‍රව්‍ය තව දුරටත් ඉවත නොදැමිය යුතු සම්පතක් බව අවබෝධ කර ලිම.
• පාසැල් සම්පත් කේන්ද්‍රය තිරසාරව පවත්වාගෙන යා හැකි කණ්ඩායමක් ඇති කිරීම
• අපද්‍රව්‍ය කළමාණාකරණයට දායක කර ගැනීම මගින් Green Award
නම් ජනාධිපති පදක්කම් ලබා ගැනීම දක්වා සිසුන් පෙළඹවීම
• පැසැල් තුළ හා අවට පරිසරය හිතකාමී ක්‍රියාවන් සඳහා සිසුන් උනන්දු කරවීම

මේ යටතේ තෝරාගත් පාසල් තුල සම්පත් කේන්ද්‍ර පිහිටුවා ඇති අතර සම්පත් කේන්ද්‍රය වෙත වර්ගීකරණය කරන ලද නොදිරන කසළ ගෙනවිත් භාරදිය හැකිය. ඒ සදහා ගෙවීමක් සිදුකරනු ලබන අතර එය Point card පතක් සම්පූර්ණ කිරීම මගින් සිදුකරනු ලැබේ.එම Point card Point 1000ක් ඇති අතර ඒවා සම්පුර්ණ කරන අය සදහා රු.1000/- මුදලක් නගර සභාව විසින් පුද කරනු ලැබේ.

05.වැසිකිලි ආධාර ලබා දීම.

නගර සභා බලප්‍රදේශය තුල ස්ථිර පදිංචිය යටතේ ඇති අඩු ආදායම්ලාභී පවුල් සදහා අයදුම් කළ හැකිය.මේ සදහා අයදුම් පත්‍රය සමඟ ග්‍රාම නිළධාරි විසින් සහතික කරන ලද මාසික ආදායම් වාර්ථාව සහ ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනු අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.ඊට අදාළ අයදුම්පත්‍රය පහතින් ලබා ගත හැකිය.

අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරන්න  

06. ජල සාම්පල් පරික්ෂාව.

නගරසභා බල ප්‍රදේශය තුල පවතින ජල මුලාශ්‍ර වල ජලය මහජන පරිභෝජනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම මෙමගින් සිදුකෙරේ.
පුද්ගලිකව ජල සාම්පලයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා අයදුම් කිරීම තුලින් සිදු කර ගත හැකි අතර ඒ වෙනුවෙන් රු.2500 ක් ගාස්තුවක් අය කෙරේ.

07. විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ලබා දීම.

නගර සභා බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචියක් ඇති අවම වශයෙන් වසර 6 කට නොඅඩු කාලයක් නගරයේ පාසලක අධ්‍යාපනය ලබා ඇති සුදුසු කම් ලබා ඇති සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය.
මේ සඳහා පහත ලේඛන සමඟ නගර සභාවෙන් ලබාදෙන අයදුම් පත්‍රයක්  පුරවා නගර සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

  • විශ්ව විද්‍යාලය සඳහා තේරී පත් වූ ලිපියේ පිටපතක්
  • අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහතික පිටපතක්
  • අ.පො.ස.උසස් පෙළ ප්‍රතිඵල සහතික පිටපතක්
  • ග්‍රාමසේවා සහතිකය (පදිංචිය තහවුරුව සඳහා)
  • විශ්ව විද්‍යාල හැඳුනුම්පතෙහි පිටපතක්
  • අඩු ආදායම්ලාභී බවට ග්‍රාම නිලධාරි සහතිකය

අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරන්න

08. ගලි බවුසරය ලබා දීම.

නගර සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති නිවාස හා ස්ථාන සඳහා බලන්ගොඩ නගර සභාවේ ගලි සේවය ලබා ගත හැකිය.ඒ සදහා නගර සභා කාර්යාලය වෙත අයදුම්පත ඉදිරිපත් කල යුතු අතර පහත පරිදි ගාස්තු අයකෙරේ.

ලීටර් 2500 ගලි බවුසරය සදහා ගාස්තු අය කිරීම

නගර සීමාව තුළ / පිටත ලෝඩ් එකක් ඉවත් කිරීමට රු.
ප්‍රවාහන ගාස්තු රු.
අවසාන බැහැරලීම රු.
එකතුව රු.
01. නගර සීමාවේ නිවාස / ආගමික ස්ථාන / පුණ්‍ය ස්ථාන / පාසැල සදහා / රජයේ ස්ථාන සදහා
4,500.00 2000.00
2000.00
8,500.00
02. නගර සීමාවේ ව්‍යාපාරික ස්ථාන සදහා 6,000.00  2,000.00  2,000.00  10,000.00
03. නගර සීමාවෙන් පිටත නිවාස / ආගමික ස්ථාන / පුණ්‍ය ස්ථාන / පාසැල් සදහා / රජයේ ස්ථාන සදහා
5,000.00 4,000.00  2,000.00  11,000.00
04. නගර සීමාවෙන් පිටත ව්‍යාපාරික සදහා සදහා
7,000.00  4,000.00  2,000.00 13,000.00

 

  • නගර සීමාවෙන් පිටත (10 km ත් 20 km ත් අතර) වැඩිවන සෑම 1 km ක් සඳහාම (Up and Down එකතුව) රු.450.00 ක් ලෙස අයකරනු ලැබේ. 20  km ට වැඩිනම්, වැඩිවන සෑම 1 km  ක් සඳහාම (Up and Down එකතුව) එකතුව රු.550.00 ක් අය කරනු ලැබේ.

ලීටර් 4000 ගලි බවුසරය සදහා ගාස්තු අයකිරීම

නගර සීමාව තුළ / පිටත ලෝඩ් එකක් ඉවත් කිරීමට රු. ප්‍රවාහන ගාස්තු රු. අවසාන බැහැරලීම රු. එකතුව රු.
01. නගර සීමාවේ නිවාස / ආගමික ස්ථාන / පුණ්‍ය ස්ථාන / පාසැල සදහා / රජයේ ස්ථාන 8,500.00 4000.00 4000.00 16,500.00
02. නගර සීමාවේ ව්‍යාපාරික සදහා 11,000.00 5,000.00 4,000.00 20,000.00
03. නගර සීමාවෙන් පිටත නිවාස / ආගමික ස්ථාන / පුණ්‍ය ස්ථාන / පාසැල සදහා / රජයේ ස්ථාන 10,000.00 6,000.00 4,000.00 20,000.00
04. නගර සීමාවෙන් පිටත ව්‍යාපාරික සදහා 14,000.00 6,000.00 4,000.00 24,000.00

 

  • නගර සීමාවෙන් පිටත (10 km ත් 20 km ත් අතර) වැඩිවන සෑම 1 km ක් සඳහාම (Up and Down එකතුව) රු.600.00 ක් ලෙස අයකරනු ලැබේ. 20  km ට වැඩිනම්, වැඩිවන සෑම 1 km  ක් සඳහාම (Up and Down එකතුව) එකතුව රු.750.00 ක් අය කරනු ලැබේ.

 

අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරන්න  

09. සුසානභූමි පහසුකම් ලබා දීම.

නගර සභාව මගින් පාලනය කරනු ලබන බුලත්ගම ,ඇල්ලෙපොල,ඕලුගන්තොට,බෝම්බුව සුසාන භූමි වල මියගිය ප්‍රදේශවල මියගිය පුද්ගලයන්ගේ දේහයන් මිහිදන් කිරීම පහසුකම් සලසා ඇත.
මේ සදහා මියගිය තැනැත්තාගේ ඥාතියෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කල යුතු අතර ඒ සමඟ මරණ ලියාපදිංචි සහතිකයේ පිටපතක් හා ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කල යුතුය.මේ සදහා පහත පරිදි ගාස්තු අය කෙරේ.

 

සුසාන භූමි සඳහා
අයකරන ගාස්තුව
 1. මිනියක් මිහිදන් කිරීමේ ගාස්තුව රු.750.00
 2. සභාසේවකයන් දෙදෙනෙකු සැපයීම මත ගාස්තුව  රු.5000.00
 3. ස්මාරක ඉදිකිරීමට අවසර නොමැත
 -
 4. ඇප තැම්පත් කිරීම (වර්ග අඩි 01  ක කුටියක් සඳහා)
 රු.25,000.00
 5. මිහිදන් කිරීම නගර (සීමාවෙන් පිටත)
රු.2,000.00
 6. සභා සේවකයින් 2 කු සැපයීම (සීමාවෙන් පිටත)  රු.10,000.00

 

10.ගිනි නිවීමේ සේවාවන්

නගරයේ හදිසි ගිනි ගැනීමකදී  ගිනි නිවන රථය හා ගිනි නිවීමේ නිලධාරීන්ගේ සේවාව සැපයීම මෙහිදී සිදු කෙරේ.

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.