Open menu

බළන්ගොඩ නගර සභාවේ පුහුණු ඒකකය

බළන්ගොඩ නගර සභා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු පාඨමාලා

 

    

 

    

 

    

 

    

 

පහත දැක්වෙන පාඨමාලා සඳහා ඔබටත් සහභ‍ාගී විය හැක.පාඨමාලා පිළිබඳ විස්තර පහත දැක්වේ. 

Cloud Computing Presentation පිළිබඳ දෙ‍දින වැඩමුළුව

  • මෙම පාඨමාලාව, දැනටමත් Presentation නිර්මාණය කරනු ලබන අයට වැඩිදුර ඉගෙනුම් සඳහා මෙන් ම Microsoft PowerPoint වලින් තොරව අලුත් ආකාරයේ Presentation නිර්මාණය කිරීමට කැමති අය සඳහාත් Cloud Computing ආශ්‍රිතව වඩා පහසුවෙන් හා සිත් ඇදගන්නා අයුරින් Presentation නිර්මාණය කිරීමට කැමැති අය සඳහාත් පවත්වනු ලැබේ.
  • මෙම වැඩමුළුවට සහභාගී වීම සඳහා පරිගණක භාවිතය,ඉන්ටර්නෙට් භාවිතය හා Microsoft PowerPoint පිළිබඳ මූලික අවභෝධය පැවැතීම ප්‍රමාණවත් වේ.
  • වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

 

CorelDraw පිළිබඳ දෙදින වැඩමුළුව

  • නිර්මාණශීලීව හා කඩිනමින් ආරාධනා පත්‍ර, දැන්වීම්, සඟරා මුල්පිටු, අත්පත්‍රිකා, ප්‍රදර්ශන පුවරු ආදිය නිර්මාණය ඉගෙන ගැනීමට කැමැති අය සඳහා මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.
  • සාමාන්‍ය පරිගණක භාවිතය පිළිබඳ අවබෝධය හා පුහුණුව පැවැතීම මේ සඳහා ප්‍රමාණවත් වේ.
  • වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

 

Adobe PhotoShop පිළිබඳ දෙදින වැඩමුළුව

  • ඩිජිටල් ඡායාරූප ගැනීම සඳහා කැමරා භාවිතා කරන අයට හා ඡායාරූප සංස්කරණය ඉගෙන ගැනීමට කැමැති අය සඳහා මෙ‍ම පාඨමාලාව පවත්වනු ලැබේ.
  • සාමාන්‍ය පරිගණක භාවිතය පිළිබඳ අවබෝධය හා පුහුණුව පැවැතීම මේ සඳහා ප්‍රමාණවත් වේ.
  • වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

 

Presentation පිළිබඳ එක්දින වැඩමුළුව

  • Microsoft PowerPoint ආශ්‍රිතව වඩා පහසුවෙන් හා සිත් ඇදගන්නා අයුරින් Presentation නිර්මාණය කිරීමට කැමැති අය සඳහා මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.
  • පරිගණක භාවිතය හා Microsoft PowerPoint පිළිබඳ මූලික අවබෝධය පැවැතීම මේ සඳහා ප්‍රමාණවත් වේ.
  • වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

 

පාසල් ගුරුවරුන් සදහා පරිගණක ක්‍රමලේණය පිළිබද වැඩමුළුව

 

පාසල් දරුවන් සදහා වු පරිගණක ක්‍රමලේඛණ පිිලිබද පුහුණු පාඨමාලා (සය මාසික/ තනි පුද්ගල)

  • පරිගණක ක්‍රමලේඛණය පිලිබද මාස 06 පාඨමාලාවකි. මේ සදහා තනි තනිව 6 වසර සිට 13 වසර දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගිවිය හැකිය.
  • මෙම පාඨමාලාව තුල  Python, Scratch, HTML &  CSS (Static Website Deployment) යන විෂයන් 03 න් එකක් පිළිබද මුලික අධියරේ සිට මධ්‍ය අධියර දක්වා ඉගෙනුම් කල හැකිය. 
  • එක් මාසයක් සදහා වන ගාස්තුව රු 2000/- කි.

කෘතිම බුද්ධිය (Artificial Intelligence) හා ක්ලවුඩ් තාක්ෂණය (Cloud Technology) පිිලිබද පුහුණු වැඩමුඵව

  • මෙම පුහුණු වැඩමුඵව දින 02 කි. එක් පුහුණු වැඩමුඵවක් සදහා 06 දෙනෙකු පමණක් සහභාගි කර ගැනේ.
  • ක්ලවුඩ් තාක්ෂණය හා කෘතිම බුද්ධි යෙදවුම් කාර්යාලයීය  හෝ පෞද්ගලික වැඩකටයුතු පහසු කර ගැනිම සදහා යොදා ගන්නා ආකාරය පිළිබද මෙම වැඩමුඵව මගින් පුහුණු  කෙරේ.
  • සහභාගිවන එක් අයෙකු සදහා වන ගාස්තුව රු 4000/- කි.

 

පරිගණක නඩත්තුව හා ගැටඵ නිරාකරණය (Computer Maintenance & Troubleshooting) , සයිබර් ආරක්ෂක ක්‍රම (Cyber security) භාවිතය, මුලික ජාලකරණය (Basic Networking) පිළිබද එක් දින වැඩමුඵව

  • මෙම පුහුණු වැඩමුඵව දින 01 කි. එක් පුහුණු වැඩමුඵවක් සදහා 06 දෙනෙකු පමණක් සහභාගි කර ගැනේ.
  • අලුතින් වින්ඩොස් ස්ථාපනය/ පරිගණක ගැටඵ නිරාකරණය/ගොනු කලමණාකරණය හා දත්ත ආරක්ෂණ ක්‍රම/ සයිබර් ආරක්ෂාව/ ජාලකරනණයේ ඇති වන ගැටඵ නිරාකරණය කිරීම පිළිබද සම්පුර්ණයෙන්ම ප්‍රායෝගිකව පුහුණු කෙරේ.
  • සහභාගිවන එක් අයෙකු සදහා වන ගාස්තුව රු 2500/- කි.

 

Microsoft Excel පිලිබද එක්දින පුහුණු වැඩමුඵව

  • මෙම පුහුණු වැඩමුඵව දින 01 කි. එක් පුහුණු වැඩමුඵවක් සදහා 06 දෙනෙකු පමණක් සහභාගි කර ගැනේ.
  • Microsoft Excel මුල සිට කාර්යාලයීය වැඩ කටයුතු වලට අවශ්‍ය පරිදි ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදු කෙරේ..
  • සහභාගිවන එක් අයෙකු සදහා වන ගාස්තුව රු 2000/- කි.

 

Microsoft Access භාවිතයෙන් දත්ත සමුදාය (Database) නිර්මාණය හා සංවර්ධනය පිලිබද දෙදින පුහුණු වැඩමුඵව

  • මෙම පුහුණු වැඩමුඵව දින 02 කි. එක් පුහුණු වැඩමුඵවක් සදහා 06 දෙනෙකු පමණක් සහභාගි කර ගැනේ.
  • Microsoft Access මුල පුහුණු කිරීම සිදු කරන අතර දත්ත සමුදාය (Database) සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, Table, Query, From, Report, Switchboard භාවිතා කිරීම ඇතුඵ සම්පුර්ණ දත්ත සමුදාය (Database) පිලිබද ප්‍රායෝගිකව පුහුණු කෙරේ.
  • සහභාගිවන එක් අයෙකු සදහා වන ගාස්තුව රු 4000/- කි.

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.