Open menu

බළන්ගොඩ නගර සභාවේ ඉ-ආයුර්වේද සේවාව

 

ව්‍යාපෘතිය පිළිබඳ හැදින්වීම
ආයුර්වේදය පිළිබද දැනුම, රෝග වලින් ආරක්ෂාවීම, රෝග සදහා නිවසේදීම කල හැකි ප්‍රතිකාර ආදි තොරතුරු ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් ක්‍රියාවට නංවනු ලබන ප්‍රථම හා එකම ව්‍යාපෘතිය මෙයයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ 
කාර්යය බහුල ජීවිතයක් ගත කරන, අන්තර්ජාලය භාවිතා කිරීමේ පහසුකම් ඇති ජනතාවට බළන්ගොඩ නගර සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ සේවා භාවිතා කිරීම අවස්ථාව සැලසීම.

ව්‍යාපෘතියේ අනු අරමුණු

  1. ආයුර්වේදය පිළිබද ජනතාව, විද්‍යාර්ථයින් දැනුවත් කිරීම.
  2. බළන්ගොඩ නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලාවේ සේවා පුළුල් කිරීම තුලින් වැඩි පිරිසක‍ට සේවා ලබා ගැනීමේ අවස්ථාව සැලසීම.
  3. බළන්ගොඩ නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලාව වසා ඇති අවස්ථාවක වුවත් සේවා සදහා ජනතාවට ඉල්ලීම් කල හැකි වීම හා සේවා ලබා ගැනීමට අවස්ථාව ලැබීම.
  4. බළන්ගොඩ නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලාවේ සේවාවන් කාර්යක්ෂම කිරීම
  5. ආයුර්වේදය ජනතාව අතර ප්‍රචලිත කිරීම.
  6. බළන්ගොඩ නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලාවට පැමිණීමට අපහසු රෝගීන් සහ රෝග ප්‍රතිකාර පිළිබද දැනුවත් වීමට ‍අපේක්ෂා කරන අයට පහසුකම් සැලසීම.
  7. පුරාණ ආයුර්වේද බෙහෙත් ක්‍රම, බෙහෙත් පැළෑටි පිළිබද දැනුවත් වීමට අවස්ථාව ලබාදීම.
     

ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මගින් e-ආයුර්වේද සේවාව වෙත පිවිස පරිශිලකයා විසින් ඔහුගේ/ඇයගේ නම, විද්‍යුත් ලිපිනය ආදි විස්තර සහ ගැටළුව /රෝගී තත්ත්ව පිළිබද විස්තර අප වෙත සකස් කර ඇති විශේෂ ආකෘතිය මගින් අප වෙත එවීම සිදුකරයි.  ඉන් පැය 24 – 72 අතර කාලයක් තුල බළන්ගොඩ නගර සභාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීතුමිය ලැබී ඇති ගැටළුව/රෝගාබාධ සඳහා විසඳුම් හා උපදෙස් ‍පරිශිලකයාගේ විද්‍යුත් ලිපිනය වෙත නිකුත් කරයි.

 

ඉ-ආයුර්වේද සේවාව වෙත මෙතැනින් පිවිසෙන්න..