Open menu

සම්පත් පියස

බලංගොඩ නගර සභාවේ, විධිමත් හා සැලසුම් සහගත කසළ කළමණාකරන ව්‍යායාමයේ එක් අංගයකි, නගර මධ්‍යයේ වු ප්‍රතිචක්‍රී කසළ මිල දි ගැනිමේ මධ්‍යස්ථානය. නගර සභාවේ කසළ කළමණාකරණ ව්‍යාපෘතිය සතුව පවතින ගිණුමෙන් රුපියල් 10,000 මුදලක් එක් වරකට ප්‍රතිචක්‍රිය කසළ මිල දි ගැනිම සඳහා නිකුත් කරනු ලබයි. මෙම මධ්‍යස්ථානය බළගහමුල ඔරලෝසු කණුව අසල පිහිටා ඇත. නගරවාසින් රැගෙන එනු ලබන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදී ගැනිම මෙහිදි සිදු වේ. ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මිල ගණන් අඩංගු මිල දර්ශකයක් ද මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර කසළ මිලදි ගැනිමේ මධ්‍යස්ථානය තුල එකතු වන කඩදාසි හා පත්තර ප්‍රාදේශිය කඩදාසි උර නිෂ්පාදකයන් හට ඉතා පහසු මිලකට ලබාදෙයි.

ආදායම

වර්ෂය ප්‍රතිචක්‍රී‍ය ද්‍රව්‍ය අලෙවියෙන් ලද ආදායම (රුපියල්)
2003 75,450.00
2004 53,850.00
2005 75,320.00
2006 79,450.00
2007 136,475.00
2008 174,320.00
2009 432,650.00
2010 565,680.00
2011 627,408.00
2012 656,450.00
2013 198,150.00
2014 161,208.00
2015 186,427.00
2016 234,392.00
2017 238,550.00
2018 185251.00
2019 335,674.00
2020 356,962.00
2021 341,286.00

• විවෘතව පවතින වේලාව : පෙ.ව.07.30 සිට ප.ව. 04.00 දක්වා
• විවෘතව පවතින දින : රජයේ නිවාඩු දින හා පෝය දින හැර සතියේ සියලූම දිනයන්හි

වැඩි විස්තර 045 4930830 දුරකථන අංකය හරහා ලබා ගත හැක.

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.