Open menu

බළන්ගොඩ නගර සභාවේ ආදායම් අංශය


මෙහෙවර

  1. වරිපනම් බදු අය කිරීම
  2. තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම
  3. විදුලි හා ජල බිලෙහි නම සංශෝධනය කිරීම සදහා අදාළ ආයතන වෙත ලබා දීමට නිර්දේශ සහිත ලිපි ලබා දීම
  4. නගර සභාව විසින් බදු දෙන ලද කඩ කාමරවලින් කඩ කුලී අය කිරීම
  5. ප්‍රචාරක දැන්වීම් පුවරු සදහා මුදල් අය කිරීම‍
  6. වෙළද බල පත්‍ර ගාස්තු අය කිරීම් හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම
  7. කර්මාන්ත හා ව්‍යාපාර සදහා බදු අය කරීම
  8. විනෝද බදු අය කිරීම
  9. පොදු වෙළෙඳසැළ හා සතිපොල පවත්වාගෙන යාම
  10. නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හා බස්ගාල් ගාස්තු අය කිරීම

වරිපනම් යනු

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක,පහසුව සුභ සාධනය සැලසීම වෙනුවෙන් , ඒ බල ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් එක් දේපළ මත පනවා අය කරනු ලබන බද්ද.

වරිපනම් ජනතාව‍ගෙන් අය කරනු ලබන්නේ,

නගර සභා ආඥා පනතේ 160 (1) වගන්තිය අනුව වරිපනම් බදු පනවා අය කිරීමට ලබා දී ඇති බලය අනුව, නගර සභා බල ප්‍ර‍දේශය තුල ජීවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන‍් සැපයීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීමට.

වරිපනම් ගෙවීමෙන් ජනතාව ලැබෙන වාසි / අවාසි

  1. වාර්ෂි‍ක වරිපනම් බදු මුදල ඒ වර්ෂයේ ජනවාරි 31 වන දිනට හෝ එදිනට පෙර ගෙවනු ලැබුව හොත් ඒ බදු මුදලින් 10% ක වට්ටමක්‍ ද ,
  2. කාර්තු වශයෙන් ගෙවන්නේ නම් අදාළ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක්ද පිරි නැමේ.
  3. අයිතිය/ පදිංචිය සනාථ කිරිමට සහතික ලබා දීම.
  4. බැංකු මගින් ණය ලබා ගැනිමට අවශ්‍ය නොපවරා ගැනීමේ සහතික හා අනෙකුත් උදෘතයන් හා ලියකියවිලි නිකුත් කිරීම.

වරිපනම් නොගෙවීම නිසා වන අහිතකර බලපෑම්

  1. ජනතාව‍ට අවශ්‍ය සේ‍වාවන් සැපයීමට නොහැකි වීම.
  2. වරිපනම් නොගෙවන පදිංච්කරු‍වන්ගේ චංචල හෝ නිශ්චල දේපල තහනම‍ට ගැනීමට සිදුවීම.
  3. එසේ තහනමට ගත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා සභාවට අයවිය යුතු සියලු වරිපනම් බදු මුදල් හා වරෙන්තු ගාස්තු අයකර  ගැනීම‍ට සභාවට හැකිය.
  4. ඒ තුළින් නාගරික බල ප්‍රදේශයක් තුල ‍ජී‍වත් වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස අපකීර්තියට පත්වීම.

තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම.

තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම යනු,

යම් කිසි දේපළක් මිලදී ගැනීමෙන් පසුව හෝ දේපළක් පැවරීමකදී මෙන්ම නීතියෙන් එකී දේපළ යම් කිසි පුද්ගලයකුට හිමි වුවහොත් හෝ එම දේප‍ළෙහි පෙර සඳහන් නාමය වෙනස් කිරීම මෙම තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම ලෙස හැදින්වේ. 

ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු (බදු)

ව්‍යාපාරයක් යනු කුමක්ද?

කිසියම් ලාභයක් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාරයක් වේ.
පළාත් පාලන ආයතනයක් විසින් තම බලසීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදනු ලැබේ.

  1. වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
  2. කර්මාන්ත බද්දකට යටත්කරනු ලබන ව්‍යාපාර
  3. ව්‍යාපාර බද්දට යටත්කරනු ලබන ව්‍යාපාර

1.වෙළඳ බලපත්‍රගාස්තුවකට යටත්කරනු ලබන ව්‍යාපාර

බළන්ගොඩ නගර සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනතින් හෝ ඒ යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ.

වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුත්තේ ඇයි?

  • බල සීමාවන් ඇති සියලු ව්‍යාපාරයන් පවත්වාගෙන යාම,පාලනය කිරීම,පරිපාලනය කිරීම,අධීක්ෂණය කිරීම.
  • නෛතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා
  • වෙළඳ ව්‍යාපාරය මහජන සෞඛයට හිතකර අයුරින් පවත්වාගෙන යන්නේදැයි තහවුරු කර ගැනීමට වෙළඳ බලපත්‍රය අදාල වර්ෂයට ලබාගෙන තිබිය යුතු ය.

වෙළඳ බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය

  • කාර්යාලයෙන් ලබා දෙනු ලබන අයදුම් පත නිවැරදිව සම්පූර්ණ කර බාර දීම
  • ආදායම් පරීක්ෂක නිළධාරි හා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිර්දේෂය ලබා ගැනීම
  • සභාපති/ලේකම්ගේ අනුමැතිය මත ගාස්තු අය කර වෙළෙඳ බලපත්‍රය නිකුත් කිරීම.

වෙළඳ බලපත්‍රයක් ලබා නොගත් විට

  • සාපරාධී හෝ නීතිවිරෝධි ව්‍යාපාරිකයෙකු වේ.
  • නගර සභා අඥා පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරිම හා එම ව්‍යාපාරය වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාප්ති අඥාවක් ලබා ගැනීමට කටයුතු කිරිම.

වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීමේ වාසි‍

  • සාපරාධී හෝ නීතිවිරෝධි ව්‍යාපාරිකයෙකු නොවීම.
  • ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත බවින් යුතු සේවාවක් පොදු ජනතාවට සපයනු ලබන බවට පිළිගැනීම ඇති වීම.

• සැළකිය යුතු වේ

සෑම වර්ෂයකදිම ජනවාරි මස වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුවේ.
ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රු 250.00 + රජයේ බදු  බැගින් අධිකරණ නියෝග මත අමතර දඩ අය කර ගනු ලැබේ.

2.කර්මාන්ත බද්ද සහ ව්‍යාපාරික බද්ද

ව්‍යාපාරික ස්ථාන පිළිබඳව කරනු ලබන සමීක්ෂණයෙන් පසු බලපත්‍රයන්ට යටත්කළ යුතු ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කර ඉන් අනතුරුව කර්මාන්ත ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කරනු ලැබේ. එසේ වෙන්කිරීමෙන් පසු ඉතිරිවන සියලුම ව්‍යාපාරයන් වාර්ෂික ව්‍යාපාරික බද්දට යටත්කරනු ලැබේ.

මේ සඳහා පවතින නෛතික තත්ත්වය

  • නගරසභා ආඥා පනතේ විධිවිධාන පරිදි මහ සභා යෝජනා මඟින් ඉදිරි වර්ෂය වෙනුවෙන් වෙළඳ බලපත්‍ර ගාස්තු/ කර්මාන්ත බදු/ ව්‍යාපාරික බදු පැනවීම කරනු ලැබේ.
  • එම යෝජනා ඇතුළත් ගැසට් නිවේදන ඉදිරි වර්ෂය වෙනුවෙන් ප්‍රවර්ථන වර්ෂයේ දී පල කිරීම කරනු ලැබේ.
  • නගර සී‍මාවේ පවත්වාගෙන යනු ලබන කුමන ආකාරයේ හෝ සෑම ව්‍යාපාරික ස්ථානයක්ම ඉහත සඳහන් වෙළඳ බලපත්‍ර ගාස්තුවට හෝ කර්මාන්ත බද්දට හෝ ව්‍යාපාරික බද්දට යටත් වේ.

කර්මාන්ත බද්ද පැනවීම - 2023

  කර්මාන්තයේ ස්වභාවය     පරිශ්‍රයේ වාර්ෂික වටිනාකම​ ​
රු.750 නොඉක්මවන අවස්ථාවක

රු.750 ඉක්මවන එහෙත් රු.1,500 නොඉක්මවන අවස්ථාවක 

 රු.1,500 ඉක්මවන අවස්ථාවක 
 01 කුෂන් වැඩපලක් පවත්වාගෙන යාම  500.00 750.00
1000.00
 02 ස්වර්ණාභරණ නිපදවීම  500.00  750.00  1000.00 
 03 මැටි භාණ්ඩ නිපදවීම  500.00  750.00  1000.00 
 04 දුරකථන/ඡායා පිටපත් යන්ත්‍ර අලුත්වැඩියා කිරීම  500.00  750.00  1000.00 
 05 මැණික් කැපීම හා ඔප දැමීම   500.00  750.00  1000.00 
 06 මිනී පෙට්ටි නිපදවීම  500.00  750.00  1000.00 
 07 වඩු කර්මාන්තශාලා  500.00  750.00  1000.00 
 08 තේ කර්මාන්තශාලා  500.00  750.00  1000.00 
 09 ගමන් මළු නිපදවීම  500.00  750.00  1000.00 
 10 පාවහන් නිෂ්පාදනය  500.00  750.00  1000.00 
 11 ගීත/වීඩියෝ පටිගත කිරීම හෝ තැටිගත කිරීම  500.00  750.00  1000.00 
 12 පින්තූර රාමු කිරීමේ වැඩපල  500.00  750.00  1000.00 
 13 කොහු නිෂ්පාදනය   500.00  750.00  1000.00 
 14 මුද්‍රණාලයක් පවත්වා ගෙන යාම  500.00  750.00  1000.00 
 15 ඩිජිටල් ප්‍රින්ටින්  500.00  750.00  1000.00 
 16 ඡායා පිටපත්   500.00  750.00  1000.00 
 17 ඇඳුම් මැසීමේ ස්ථාන (ටේලර් ෂොප්)  500.00  750.00  1000.00 
 18 ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථාන  500.00   750.00  1000.00 
 19 ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කිරීම  500.00   750.00  1000.00 
 20 නගර සහ උද්‍යාන අලංකරණ සැලසුම් සකස්කරනු ලබන ස්ථානයක් පවත්වාගෙන යාම
 500.00   750.00  1000.00 

 

ව්‍යාපාරික බද්ද පැනවීම - 2023

බද්ද අදාළ වන වර්ෂයට පෙර වර්ෂයේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් ලත් ලැබීම් ප්‍රමාණය

 බද්ද අදාළ වන වර්ෂයට පෙර වර්ෂයේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් ලත් ලැබීම් ප්‍රමාණය රු.

 රුපියල් 6,000.0 නොඉක්මවන අවස්ථාවක  -
 රුපියල් 6,000.0 ඉක්මවන එහෙත් රුපියල් 12,000 නොඉක්මවන අවස්ථාවක  90.0
 රුපියල් 12,000.0 ඉක්මවන එහෙත් රුපියල් 18,750.0 නොඉක්මවන අවස්ථාවක  180.0
 රුපියල් 18,750.00 ඉක්මවන එහෙත් රුපියල් 75,000.0 නොඉක්මවන අවස්ථාවක   360.0
 රුපියල් 75,000.0 ඉක්මවන එහෙත් රුපියල් 1,50,000 නොඉක්මවන අවස්ථාවක  1,200.0
 රුපියල් 1,50,000 ඉක්මවන අවස්ථාවක  3,000.0

 

ව්‍යාපාරික බද්දට යටත්වන විෂයයන්
01. ආයුර්වේද බෙහෙත් අළෙවිය
02. ඇස් කණ්නාඩි අළෙවි කිරීම
03. ඉංග්‍රීසි බෙහෙත් අළෙවිය (ෆාමසි)
04. ඉන්දන පිරවුම්හල
05. උකස්ව බඩු ගන්නා ස්ථාන
06. උත්සව භාණ්ඩ කුලි පදනම මත සැපයීම
07. කුළු බඩු එකතු කිරීම හා අලෙවිය
08. කෘෂි උපකරණ අලෙවිය
09. කොමිස් නියොජිතවරුන්/වෙන්දේසිකරුවන්
10. ඛණිජ තෙල් ලිහිසුම් තෙල් අළෙවිය
11. ගෘහ නිර්මාණ සුළසුම් ස්ථානයක් පවත්වා‍ගෙන යාම
12. ගෘහ භාණ්ඩ අළෙවිය
13. ගෘහ සේවක ස්විකාවන් සැපයීම
14. ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිය
15.ග්‍රොසරි පවත්වාගෙන යාම
16. ඡායරූප ශාලාවක් පවත්වාගෙන යාම
17. තරාදි අලෙවිය
18.තේ පිටි සකස් කිරීම හා අළෙවිය
19.තොග වෙළදාම
20. දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යාම
21.දැව/ලී අළෙවිය
22.දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
23.දුරකථන අලෙවිය
24.දුරකථන සේවා(කොමිනිකේෂන්)
25.දේශිය වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම/ ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාම
26.නිමි ඇදුම් අලෙවිය
27.නොතාරිස්/නිතීඥ කාර්යාලයක් පවත්වාගෙන යාම
28.පරිගණක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
29. පරිගණක/පරිගණක උපාංග අලෙවිය
30.පාවහන් අලෙවිය
31.පුද්ගලික නියෝජිත තැපැල් කාර්යාල
32. පූජා භාණ්ඩ අලෙවිය
33. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
34. ප්ලාස්ටික් භාණ්ඩ අළෙවිය
35. බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම(මෙඩිකල් සෙන්ටර්)
36. රටබීම අලෙවිය
37. මල් සහ පැළ වර්ග අලෙවිය
38. මැටි භාණ්ඩ අලෙවිය
39. මිශ්‍ර වෙළදාම
40. මූල්‍ය ආයතන
41. මොටර් වාහන අමතර කොටස් අලෙවිය
42. මොටර් සයිකල් අලෙවිය
43.යන්ත්‍රසූත්‍ර කුලී පදනම මත සැපයීම
44. රක්ෂණ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම
45. රථ වාහන අලෙවිය
46.රථ වාහන කුලී පදනම මත යෙදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
47. රන් භාණ්ඩ ස්වර්ණාභරණ අලෙවිය
48. රා තැබෑරුමක් පවත්වාගෙන යාම
49. රියදුරු පුහුණු පාසලක් පවත්වාගෙන යාම
50. රෙදිපිළි වෙළදාම
51. රේස් ඔට්ටු‍පෙ‍ාළක් පවත්වාගෙන යාම
52. ලිපිද්‍රව්‍ය පාසල් උපකරණ අලෙවිය
53. ලේ/ මුත්‍ර පරීක්ෂාව/ රසායනාගාර සේවාවන් පවත්වාගෙන යාම
54. ලොතරැයි අලෙවිය
55. විදුලි උපකරණ අලෙවිය
56. විසිතුරු භාණඩ අලෙවිය
57.විඩියෝ පටි/ තැටි කුලියට දීම හා අලෙවිය
58. ව්‍යායාම උපකරණ අලෙවිය
59. ශබ්ද විකාශන යන්ත්‍ර කුලී පදනම මත සැපයීම
60. ශරීර සුවතා මධ්‍යස්ථාන
61.සාත්තු සේවා කටයුතු

කුලී

නගර සභාව සතු දේපළක් පරම අයිතියෙන් බැහැර නොකර බදු අයිතිය පමණක් සුදුසු පුද්ගලයෙක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනයකරමින් තෝරාගෙන සාධාරණ තක්සේරුවක් මත ගාස්තුවකට යටත්කරමින් ලබා දීම කුලී පදනමින් ලබා දීම වේ.

දේපළෙහි වර්ග ප්‍රමාණය සහ පොදු පහසුකම් මත කුලිය තක්සේරු කරනු ලැබේ.

එය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් හෝ ආදායම් පරීක්ෂක විසින් කරනු ලැබේ.

අයකරනු ලබන කුලිය පිළිබඳව සභාව හා බදුකරු යන දෙපාර්ශවයම එකඟවෙමින් ගිවිසුමකට එළඹිය යුතුය. ඉන් අනතුරුව සිදුවන සියලු සිදුවීම් ගිවිසුම් ප්‍රකාරව සිදුවිය යුතුවේ. ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය වීම යන කාරණය මත දේපළ සභාවට පවරාගැනීම සිදුවේ.

විනෝද බදු

විනෝද බදු යනු කුමක්ද?,

සෑම පළාත් බදු මණ්ඩලයකටම යෝජනාවක් මගින් එකී පාලන බල ප්‍රදේශය තුල පවත්වනු ලබන විනෝද කටයුතු සදහා ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එකී යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකුලව බද්දක් අය කිරීම.

විනෝද බදු අය කර ගන්නා ආකාරය

  • නගර සභාවට පැමිණ අවසර ලබා ගැනීම.
  • සියලුම ප්‍රවේශ පත්‍රයන් නගර සභා නිල මුද්‍රාව තබා ගැනීම.
  • ආයතන නිළධාරින්ගේ නිරීක්ෂණය හා අධීක්ෂණය යටතේ ප්‍රවේශ පත් නිකුත් කරනු ලැබේ.

 

 සේවාව  කාරණය 2023 වර්ශයට ගාස්තුව (රු)
නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම  අයදුම්පත්‍ර ගාස්තුව 300.00
 සහතික ගාස්තුව 1250.00
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීම අයදුම්පත්‍ර ගාස්තුව 200.00
තක්සේරු ලේඛනයට නම ඇතුළත් කිරීම ලියාපදිංචි ගාස්තුව 1700.00
තක්සේරු ලේඛනයේ පිටපතක් ලබා ගැනීම පිටපත් සඳහා ගාස්තුව
500.00
වරිපනම් උදෘත ලබා ගැනීම්‍ එක් වර්ෂයක් සඳහා ගාස්තුව 250.00
ප්‍රචාරක දැන්වීම් බැනර් ,පෝස්ටර්,කටවුට් ප්‍රදර්ශනය කිරීම වර්ග අඩි 01 දින 14 ප්‍රදර්ශනය කිරීම 150.00
වර්ග අඩි 01 මාසයක් ප්‍රදර්ශනය කිරීම 300.00
 වර්ග අඩි 01 වර්ෂයක් ප්‍රදර්ශනය කිරීම 1000.00
දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම(ස්ථිර) වර්ග අඩි 01 වර්ෂයක් සඳහා ප්‍රදර්ශනය කිරීම-වර්ග අඩි 200 අඩු 300.00
වර්ග අඩි 01 ක් සභා දේපළ තුළ වර්ෂයක් ප්‍රදර්ශනය සඳහා බිම් කුළිය 500.00
එල්.ඒ.ඩී ප්‍රචාරක දැන්වීම් වර්ග අඩි 200 අඩු වර්ග අඩි 01 ක් සඳහා වර්ෂයකට 700.00
වර්ග අඩි 200 වැඩි වර්ග අඩි 01 ක් සඳහා වර්ෂයකට 750.00
අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් එක් දිනක් සඳහා බිම් බද්ද 6000.00
වැඩිවන අමතර දිනයක් සඳහා 2000.00
බලංගොඩ නව බස්නැවතුම්පල කඩ කාමර සඳහා ජල සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව 15000.00
ජල සම්බන්ධතා මාසික ගාස්තුව(මාසික ජල බිල්පත අනුව අය කරනු ලැබේ) -
ව්සන්ධි කළ ජල සම්බන්ධතාවය නැවත ලබා ගැනීම 1000.00

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.