Open menu

 

බළන්ගොඩ නගර සභාවේ පෙර පාසල්

නගර සභා පෙර පාසල

නගර සභා පෙර පාසල 1983 දී අරම්භ කරන ලදි.සබරගමු පළා‍ත් සභාවේ R/17/529 අංකය යටතේ ලියාපදිංචි කර ඇත.

ඉතිහාසය

පොදු වෙළදසැල පිහිටි ස්ථානය,පැරණි නගර සභා කාර්යාලය,සාංඝිකාරාමය,
ක්‍රීඩාගාරය, වීරසුන්දරාරාමය යන ස්ථාන වල පැවති නගර සභා පෙර පාසල සඳහා ස්ථීර ‍ව‍ශයෙන් ගොඩනැගිල්ලක් හිටපු ගරු සභාපති විජය නිල්මිණි මැතිතුමා හා පළාත් සභා මන්ත්‍රී ගුණසේකර මැතිතුමාගේ ආධාර මුදලින් සදා දෙන ලදි.ඉන් පසුව හිටපු ගරු සභාපතිවරුන් සහ හිටපු ගරු සභාපති නිමල් ගාමිණි වීරසිංහ මැතිතුමා විසින් නගරසභා පෙර පාසලේ සියලු අඩුපාඩු සපුරා දෙන ලදි.

වර්තමන තත්වය

ගරු සභාපතිතුමන්, ලේකම් තුමිය හා පෙර පාසල් ප්‍රධාන ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ පෙර පාසල අංග සම්පූර්ණව, ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වා ගෙන යනු ලැබේ.

 ළමුන් බදවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

වයස අවුරුදු 04 සම්පූර්ණ වු නගර සභා සීමාවෙහි දරුවන් ඇතුළත් කර ගනු ලබන අතර ,සීමිත වශයෙන් සීමාව ආසන්නයේ සිටින දරුවන් ඇතුළත් කර ගනු ලැබේ.ඇතුළත් විමේ ගාස්තු රු.1000කි.ඇතුලත් කර ගන්නා දරුවන් ගනන 60කි.ළමුන් සඳහා නිල ඇදුම් දෙමාපියන් විසින් සපයා ගත යුතු වේ

 ලැබු සම්මාන

  • 2000 කාර්යසාධන තරඟයෙන් කුසලතා සම්මානයක් හිමි විය.2009,2010,2011,2012,2013 වර්ෂයන් හි ‍දෙවන ස්ථානය සඳහා සම්මාන ද හිමි විය.මීට අමතර ව 2017 වර්ෂයේ කාර්යසාධන තරඟයෙන් තුන්වන ස්ථානය (පළාත්) හිමි විය.
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබු දේශිය ආහාර වේල් තරඟාවලියේ දි කුසලතා සම්මානයක් හිමි විය.

ළමුන් සඳහා ක්‍රියාත්මක කරන සේවා

  • වසර 05 පමණ සිට පරිවාස කාර්යාලයෙන් ලබා දෙන්නාවු ත්‍රීපෝෂ ලබා දීම සිදු කෙරේ.
  • තෑගි සහතික පත්,ප්‍රගති වාර්ථා ළමුන් සඳහා නොමිලේ ලබා දේ‍.
  • පරිසර චාරිකා ,සීලසමාධි වැඩසටහන්,පෝෂණ වැඩසටහන්,සෞඛ්‍ය සායන,විවිධ ප්‍රසංග යන විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.

 

වැවේවත්ත නගර සභා ‍පෙර පාසල

2005.03.20 දින ආරම්භ කරන ලද ර/බල/1452 යන අංකයෙන් ලියාපදිංචි කර ඇත.සිංහල දෙමළ යන මාධ්‍යන් වලින් ඉගැන්වීම් සිදු කරනු ලැබේ.

ළමුන් බදවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

නගර සීමාවෙහි වයස අවුරුදු 04 සම්පූර්ණ වු දරුවන් ඇතුළත් කර ගනු ලැබේ.ඊට අමතරව සීමිත වශයෙන් සීමාවේ ආසන්න සිටින දරුවන් ඇතුළත් කර ගනු ලැබේ. සිංහල ළමුන් 30 හා දෙමළ ළමුන් 30 ඇතුලු, ඇතුලත් කර ගන්නා දරුවන් ගණන 60කි. ළමුන් සදහා නිල ඇදුම් දෙමාපියන් විසින් සපයා ගත යුතු වේ.ඇතුලත් වීමේ ගාස්තුවක් අය නොකෙරේ.

ළමුන් සඳහා ක්‍රියාත්මක කරන සේවා

තෑගි සහතික පත්,ප්‍රගති වාර්ථා ළමුන් සඳහා නොමිලේ ලබා දේ‍.
පරිසර චාරිකා ,සීල සමාධි වැඩසටහන්,පෝෂණ වැඩසටහන්,සෞඛ්‍ය සායන,විවිධ ප්‍රසංග යන විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.

ලැබු සම්මාන

2010 සිට 2017 දක්වා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ තරඟ අතුරින් සම්මාන හා සහතිකපත් ලබා ඇත.

 

බෝම්බුව නගර සභා පෙරපාසල

2013 වර්ෂයේදී හිටපු ගරු සභාපති නිමල් ගාමිණි වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෝම්බුව ප්‍රජා ශාලා භුමියේදී ආරම්භ කරන ලදි.

සිංහල දෙමළ යන මාධ්‍යන් වලින් ඉගැන්වීම් සිදු කරනු ලබයි.

ළමුන් බදවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

නගර සීමාවෙහි වයස අවුරුදු 04 සම්පූර්ණ වු දරුවන් ඇතුළත් කර ගනු ලැබේ.ඊට අමතරව සීමිත වශයෙන් සීමාවේ ආසන්න සිටින දරුවන් ඇතුළත් කර ගනු ලැබේ. සිංහල ළමුන් 30 හා දෙමළ ළමුන් 30 ඇතුලු, ඇතුලත් කර ගන්නා දරුවන් ගණන 60කි. ළමුන් සදහා නිල ඇදුම් දෙමාපියන් විසින් සපයා ගත යුතු වේ. ඇතුලත් වීමේ ගාස්තුවක් අය නොකෙරේ.

ළමුන් සදහා ක්‍රියාත්මක කරන සේවා

තෑගි සහතිකපත්,ප්‍රගති වාර්ථා ළමුන් සඳහා නොමිලේ ලබා දේ‍.
පරිසර චාරිකා ,සීලසමාධි වැඩසටහන්,පෝෂණ වැඩසටහන්,සෞඛ්‍ය සායන,විවිධ ප්‍රසංග යන විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.