අලුත් පුවත්
එක්වන්න අප සමග...

මෙතැනින් එක් වන්න

බළන්ගොඩ නගර සභාවේ Facebook Fan Page සමග එක්වී ඔබට බළන්ගොඩ නගර සභාවේ සේවා පිළිබද අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකිය. තවද බළන්ගොඩ නගර සභාවේ ක්‍රියාකාරකම් පිළිබදවද දැනුවත් විය හැකිය.


මෙතැනින් අප පසුපස එන්න

බළන්ගොඩ නගර සභාවේ Twitter මයික්‍රෝ බ්ලෝග් සේවය සමගින් ඔබටත් සම්බන්ධ විය හැකිය. මෙමගින් බළන්ගොඩ නගර සභාව සම්බන්ධ අලුත්ම ප්‍රවෘත්ති ඉක්මනින් දැන ගැනී‍ම‍ට හැකියාව ඇත.

බළන්ගොඩ නගර සභා ගීතය
සම්බන්ධීකරණ තොරතුරු
an image
බළන්ගොඩ නගර සභාව
පරණ පාර, බළන්ගොඩ
ශ්‍රී ලංකාව

Email: info@balangoda.uc.gov.lk

Phone:
(+94) 045 228 7275
Fax:
(+94) 045 228 6596

ගරු සභාපතිතුමා :
(+94)
ලේකම් :
(+94) 071 2015813

වීථිපහන් නඩත්තු කටයුතු හෝ ගැටඵ සදහා 077 777 1876 මගින් කෝසල අමතන්න

නගරසභා ගුවන්විදුලිය

බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු.


සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වේ. වර්ෂ 1939 දී සර් හෙන්ඩ්රි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 11 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 ක් විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා විසින් වන අතර අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 40,000 ඉක්මවයි. බළන්ගොඩ නගර සභාව වර්ග කිලෝමීටර් 16.2ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 77,026 පමණ ජනතාවකගේ මුලික පහසුකම් සපයන ආයතනයකි. අද වන විට මෙහි ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 104 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

2005 වර්ෂයේ හොදම පලදායිතාව සපිරි නගර සභාව :

2005 වර්ෂයේදී ජාතික පලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික පලදායිතා තරගයේදී පලාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදී.වීථි රේඛා සහතික ලබා ගැනීම, ජල හා විදුලි සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම ආදි සේවා සදහා ගතවන කාලය හා ඒ සදහා අවශ්‍ය ලියකියවිලි නගර සභා කාර්යාලයේ පුවරු වල සටහන් කර ඇති අතර ජනතාවට ඉතා කඩිනමින් සේවා ලබා දීම සිදු කරයි. තවද ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා මුද්‍රිත ප්‍රජා ප්‍රතිචාර පෝර්ම හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර ක්‍රමයද භාවිතා කිරීමද සිදුකරනු ලැබේ. විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර ක්‍රමය මගින් පැය 48 ක් තුල ප්‍රතිප්‍රතිචාර දැක්වීමට බළන්ගොඩ නගර සභාවට හැකි වී ඇත. නගර සභාවට පැමිණ ලබා ගත යුතු අයදුම්පත්, තොරතුරු ආදිය මෙම නිල වෙබ් අඩවිය තුලින් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.නගර සභා නිල ‍බ්ලොග් අඩවිය තුලින් අප නගර සභාව මගින් සිදුකරන ක්‍රියාකරකම් ජනතාව වෙත ඉතා ඉක්මනින් දැනගැනීමට සැලැස්වීමටත් ඒවා සදහා අදහස් දැක්වීමටත් අවස්ථාව සලසා ඇත. එසේම Facebook, Twitter,Youtube ආදි සමාජජාල වෙබ් අඩවි මගින් ජනතාවට අප නගර සභාව සමග කෙලින්ම සම්බන්ධවී අදහස් දැක්වීමට හා තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව සලසා ඇත. සමාජජාල වෙබ් අඩවි සමගින් ජනතාව සමග සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම නගර සභාව බළන්ගොඩ නගර සභාව වේ.

දකුණු ආසියාවේ සුවිශාලම පරිසර හිතකාමී කොමිපෝස් පොහොර ව්‍යාපෘතිය :

අප නගර සභාව මගින් එකතු කරනු ලබන සියඵම කසල දිරන හා නොදිරන ලෙස වෙන් කරන අතර නොදිරන කසල අලෙවි කරනු ලැබේ. දිරන සියඵම කසල කොම්පෝස්ට් පොහොර සෑදීම සදහා යොදාගනී. දකුණු ආසියාවේ සුවිශාලතම කොමිපෝස්ට් අංගනය අප නගර සභාව සතු වේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකාවේ සාර්ථකම කොම්පොස්ටි පොහොර ව්‍යාපෘති කීපය අතරින්ද ඉදිරියෙන් සිටින අතර කොමිපොස්ටි සැදීම සදහා වන පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

වැඩි විස්තර ...

බළන්ගොඩ තානායම

කලක් නාගරික සංවර්ධන අධිකාරිය පාලනය ය‍ටතේ පැවැති බළන්ගොඩ තානායම, බළන්ගොඩ නගර සභාවේ පාලනයට පවරන ලදී. ඉන්පසු එය නැවත නවතාවයකින් යුතුව සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ පළමු වරට පළාත් පාලන ආයතනයක් තානායමක පාලනයට ලබා ගනිමින් 2010 අගෝස්තු 10 වන දින සිට සේවා සදහා විවෘත කරන ලදී. හොද කාර්යක්ෂම හා විශ්වාසදායි සේවයක් සමගින් මුඵ නගරයම පැහැදිලිව පෙනෙන සුන්දර උස් බිම් කඩක පිහිටි මෙම තානායම දෙස් විදෙස් සංචාරකයින්ගේ තෝතැන්නක් වී ඇත. ඔබට අවශ්‍ය සේවා සදහා 045-2287299 අමතා විස්තර ලබා ගන්න

වැඩි විස්තර ...

ශ්‍රි ලංකාවේ පළමු හා එකම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය :

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් සතු එකම හා ප්‍රථම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය බළන්ගොඩ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලැබෙයි. විද්‍යුත් පොත්පත්, විද්‍යුත් විශ්වකෝෂ, විද්‍යුත් සිතියම්, විද්‍යුත් සගරා හා අධ්‍යාපනික විඩියෝ සංයුක්ත තැටි ආදි බොහෝ විද්‍යුත් තොරතුරු මුලාශ්‍ර මෙය සතුව ඇත. පාසැල් සිසුන්, ගුරුභවතුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුඵ ප්‍රදේශයේ මහජනතාව මෙය ප්‍රයෝජනයට ගනී. මෙම විද්‍යුත් පුස්තකාලයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය ක්‍රියාත්මකව පාලනය වන්නේ ශබ්ද නගා කථා කල හැකි ස්වයංක්‍රිය පරිගණක වැඩසටහනකින් විමයි. මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුල පලාත් පාලන ආයතනයක පුස්තකාලයක් පාලනය සදහා භාවිත වන්නේ මෙම විද්‍යුත් පුස්තකාලයේ පමණි.

වැඩි විස්තර ...

ඊ–බළන්ගොඩ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය :

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ප්‍රථම හා පළමු වරට ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන ඊ–බළන්ගොඩ(e-balangoda) නමින් දැන් ක්‍රියාත්මකව පවතී. තොරතුරු තාක්ෂණය ජනතාව වෙතට සමීප කරවීම මෙහි අරමුණයි. රාජ්‍ය සේවකයින් සදහා එක්දින ඉන්ටර්නෙට් වැඩමුඵ පැවැත්වීම, පාසැල් සිසුන්, රැකියා විරහිත තරුණ තරුණියන් ඇතුඵ නාගරික ජනතාව සදහා පරිගණක දේශන හා වැඩමුඵ, පරිගණක පා‍ඨමාලා පැවැත්විම ආදි බොහෝ කටයුතු මෙමගින් සිදුකරයි. තවද නාගරික ජනතාව අතර සිංහල යුනිකොඩ් හා නිදහස් විවෘත කේත මෘදුකාංග (Free Open source Software) ප්‍රචලිත කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකරයි.

වැඩි විස්තර ...

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

an image
ගරු සභාපති
ඩබ්ලිව්.එම්.එන්.ජී.වීරසිංහ

ඉතා සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයත් සමගින් ඉදිරියට යාමට තාක්ෂණික මෙවලම් භාවිතය කාලෝචිත පියවරයක් ලෙස මම දකිමි. ඒ අනුව විශ්ව ගම්මානයේ අභිමානවත් ආයතනයක් ලෙස නැගී සිටීමත්, යහපාලනයේ වැදගත් සංකල්ප වන විනිවිද භාවය ආරක්ෂා කර ගැනීමත්, තොරතුරු හා සේවා ජනතාවට කඩිනම්ව ලබා දීමත් මුලික කර ගෙන මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම සිදුවිය.

ලේකම්තුමාගේ පණිවිඩය


an image
ලේකම්
එස්. එච්. ඒ. කරුණාරත්න මිය

බළන්ගොඩ නගර සභාව තොරතුරු තාක්ෂණයේ නැවුමි ඉසව් සොයා ඒවා කාර්යය පලදායිතාව සදහා යොදා ගන්නා නගර සභාවකි.ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් වෙමින් තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමගින් ඉදිරියට යන අප සමග එක්වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අප සමග එක්වන ලෙස සාදරයෙන් ඇරයුමි කරමි.

බළන්ගොඩ නගර සභා නිල ලාංජනය

an image

මෙහෙවර ප්‍රකාශය

"පවරන ලද බලතල අනුව පවත්නා සම්පත් කාර්යක්ෂම ලෙස හා සපලමත් ලෙස යොදවමින් සියලුම නගර වැසියන්ට අවශ්‍ය වන්නාවු පහසුකම් හා සේවාවන් ඔවුන් තෘප්තිමත් වන ආකාරයෙන් ඉටුකර අභිමානවත් තිරසර පුරවරයක් නිර්මාණය කිරීම."

දැක්ම

" වර්ෂ 2020 දී සුවපහසු දිවියකට තිරසර පුරවරයක් "

බළන්ගොඩ නගර සභාවේ කෙටි පණිවුඩ සේවාව

ශ්‍රී ලංකා පළාත් පාලන ඉතිහාසයේ පළමු වරට බළන්ගොඩ නගර සභාව සිය සේවා පිළිබද ‍තොරතුරු ලබා දීම උදෙසා කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කරන ලදී. මෙම සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ හිමිවන අතර මොබිටෙල්, ඩයලොග්, එටිසෙලාට් දුරකථන සේවා සමගින් පමණක් දැනට ක්‍රියාත්මක වේ. බදු ගෙවන ජනතාව වෙත කෙරෙන නිවේදන, බළන්ගොඩ නගර සභාවේ සේවා හා ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු මෙම කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ගෙනඒමට බලාපොරොත්තු වේ. ටුවිටර් වෙබ් සේවාව ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් ඔබගේ දුරකථන අංකයේ රහස්‍ය භාවය හොදින්ම සුරැකේ‍. ලියාපදිංචිය හෝ ලැබෙන කෙටි පණිවිඩ සදහා කිසිදු ගාස්තුවක් අය නොවේ. සියල්ල ඔබ වෙත නොමිලේ හිමිවේ.
මෙම සේවාව සක්‍රීය කිරීමට පහත පියවර අනුගමන කරන්න.
ඔබේ දුරකථනයේ නව කෙටිපණිවිඩයක් ලබා ගෙන Follow ucbalangoda යනුවෙන් ටයිප් කර 40404 වෙත යවන්න ( මෙම පණිවිඩය යැවීමට පමණක් ඔබට සාමාන්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ ගාස්තුව අයවේ )

බළන්ගොඩ නගර සභාවේ විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර පද්ධතිය

ඵලදායිතාව ඉහල නැංවීමේ හා ජනතා සේවය කඩිනම් කිරීමේ අරමුණින් දියත් කර ඇති විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර පද්ධතිය තුලින් ජනතාවගේ ගැ‍ටඵ සදහා කඩිනමින් විසදුම් ලබා දීමට හැකි වී ඇත. ඕනෑම අයෙකු‍ට වසරේ ඕනෑම දවසක ඕනෑම වේලාවක තමන්ගේ අදහස් හෝ ගැටඵ බළන්ගොඩ නගර සභාව වෙත යොමු කිරීමේ හැකියාව පවතී. ඉන්පසු පැය 48 ක් තුල බළන්ගොඩ නගර සභාව මගින් ඒ පිළිබද සොයා බලා විස්තර නැවත පණිවිඩය එවු පුරවැසියා වෙත ‍‍යොමු කරයි. මෙවැනි විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර පද්ධතියක් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ එකම පළාත් පාලන ආයතනය බළන්ගොඩ නගර සභාවයි.

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ඔබගේ අදහස් හා යෝජනා මෙතැනින් යොමු කරන්න