2005 වර්ෂයේ පවත්වන ලද ජාතික පලදායිතා ත්ත්ව සමිමාන තරග‍ාවලියේ පලාත් පාලන ආයතන අතර තරගයෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාවට හිමි වු වගයි....

  මුල් පිටුව

  ආදායම් අංශය

  සෞඛ්‍ය අංශය

  කර්මාන්ත අංශය

  බළන්ගොඩ තානායම

  අයදුම්පත්‍ර

  ප්‍රසම්පාදන දැන්වීම්

  විද්‍යුත් පුස්තකාලය

  මහජන පුස්තකාලය

  නාගරික මන්ත්‍රීවරුන්

  ඉ-බළන්ගොඩ

  ඉතිහාසය

  පිහිටීම

  කොම්පෝස්ට්   ව්‍යාපෘතිය

  මාසික සභා වාර්තා

  සංවර්ධන පුවත්

  අයවැය ලේඛණය

  ඡායාරූප එකතුව

  විඩියෝ එකතුව

  ලැබු සම්මාන

  ඵලදායිතා කව

 

බළන්ගොඩ නගර සභා පාලනය 1945 සිට අද දක්වා

බළන්ගොඩ නගර සභාව ආරම්භක අවධියේ සභික මන්ත්‍රීවරුන් හා නිළධාරී මණ්ඩලය
ඡායාරූප අනුග්‍රහය : අල්හාජ් ඒ.ඒ. එම්. ඉක්බාල් අසීස් මහතා

පසු පෙල:
ආදායම් පරීක්ෂක, කාර්යාල කාර්යය සහයක, ලිපිකරු, ලිපිකරු, තානායම් භාරකරු, මහජන සෞඛ්‍ය පරීක්ෂක
ඉදිරිපෙල:
ප්‍රැන්සිස් එල්.ගෝමස් මැතිතුමා(උප සභාපති), සී.ඩබ්.දන්ගමුව මැතිතුමා (නගර සභික) ,සෞඛ්‍ය වෛද්‍යනිළධාරී වෛද්‍ය රූපසිංහ මහතා, බාන්ස් රත්වත්ත මැතිතුමා (සභාපති), ඊ.ඒ.එල්.ප්‍රනාන්දු මැතිතුමා (නගර සභික),ඒ.එල්.අසීස් මැතිතුමා (නගර සභික), සභාලේකම් පිරීස් මහතා

බලංගොඩ නගර සභාව 1945 ඡනවාරි 1 වන දින සංස්ථාපනය කරන ලදි. එදා සිට අද දක්වා එහි පාලනයට පත් වු සභික භවතුන්ගේ විස්තර මෙසේය.

1945–1947
බාන්ස් රත්වත්ත මැතිතුමා - සභාපති
සී.එල්.එම්.මරික්කාර් මැතිතුමා - උප සභාපති
ඊ.ඒ.එල්.ප්‍රනාන්දු මැතිතුමා - නගර සභික
ආර්.ආර්.සමාදානම් මැතිතුමා - නගර සභික
සී.ඩබ්.දන්ගමුව මැතිතුමා - නගර සභික
ඒ.එල්.අසීස් මැතිතුමා - නගර සභික
ප්‍රැන්සිස් එල්.ගෝමස් මැතිතුමා - උප සභාපති

1948–1950
බාන්ස් රත්වත්තේ මැතිතුමා - සභාපති
සී.එල්.අබ්දුල් ලතීප් මරික්කාර් මැතිතුමා - නගර සභික
ඊ.ඒ.එල්.ප්‍රනාන්දු මැතිතුමා - උප සභාපති
පී.එල්.එම්.එන්.ඊ. ද සිල්වා මැතිතුමා - නගර සභික
ජී.එච්.සැම්සන් මැතිතුමා - නගර සභික
ප්‍රැන්සිස් එල්.ගෝමස් මැතිතුමා - උප සභාපති

1951–1953
බාන්ස් රත්වත්ත මැතිතුමා - සභාපති(1952)
සී.එල්.එම්.මරික්කාර් හජ්ජියාර් මැතිතුමා - නගර සභික
ඊ.ඒ.එල්.ප්‍රනාන්දු මැතිතුමා - නගර සභික
ආර්.ආර්.සමාදානම් මැතිතුමා - උප සභාපති(51–53)
සී.ඩබ්.දන්ගමුව මැතිතුමා - සභාපති(1953)
ප්‍රැන්සිස් එල්.ගෝමස් මැතිතුමා - උප සභාපති(1953)

1954–1956
ප්‍රැන්සිස් එල්.ගෝමස් මැතිතුමා - සභාපති(54–56)
එම්.වේලපුල්ලේ මැතිතුමා
සී.එස්.රත්වත්තේ මැතිතුමා- උප සභාපති
ජී.එල්.එම්.එන්.ද සිල්වා මැතිතුමා - සභාපති(1956)
ජී.ඩී.ඊ.විජේසුරිය මැතිතුමා - උප සභාපති
අයි.එල්.එම්.ෂරිප් මැතිතුමා - උප සභාපති

1957–1959

සී.එස්.රත්වත්ත මැතිතුමා - සභාපති
ඒ.එල්.එම්.ජුනයිදීන් මැතිතුමා - උපසභාපති
ජී.එල්.එම්.එන්.ඊ.ද සිල්වා මැතිතුමා - නගර සභික
අයි.එල්.එම්.ෂරීප් මැතිතුමා - උපසභාපති
ජී.ඩී.ඊ.ව්ජේසුරිය මැතිතුමා - උපසභාපති (1959)
අයි.එල්.එම්.ෂරීප් මැතිතුමා - නගර සභික
එම්.ජෝසප් ප්‍රනාන්දු මැතිතුමා - නගර සභික

1960–1962
සී.එස්.රත්වත්ත මැතිතුමා - සභාපති
අයි.එල්.එම්.ෂරීප් මැතිතුමා - උප සභාපති(1960)
එම්.එල්.එම්.අබුසාලි මැතිතුමා - නගර සභික
එස්.කේ.ඩී.ධර්මප්‍රිය මැතිතුමා - උප සභාපති
ජී.ඩී.ඊ.විජේසුරිය මැතිතුමා - උප සභාපති
එස්.ඒ.ඩී.එෆ්.එස්.ජයවීර මැතිතුමා - නගර සභික

1963–1965
සී.එස්.රත්වත්තේ මැතිතුමා - සභාපති
එස්.කේ.ඩී.ධර්මප්‍රිය මැතිතුමා - උප සභාපති(1963)
එස්.ඩී.සිරිසේන මැතිතුමා - උප සභාපති(1964)
එම්.ආර්.අර්නෝලිස් මැතිතුමා - උප සභාපති(1965)
අයි.එල්.එම්. ෂරිප් මැතිතුමා - නගර සභික
එම්.එල්.එම්.අබුසාලි මැතිතුමා - නගර සභික
ඩී.එච්.ගුණපාල මැතිතුමා - නගර සභික
එච්.චාර්ලිස් මැතිතුමා - නගර සභික
ජී.ඩබ්.සුගතදාස මැතිතුමා - නගර සභික

1966–1969
සී.එස්.රත්වත්තේ මැතිතුමා - සභාපති(1966–8 ඉල්ලා අස්විය)
එම්.එල්.එම්.අබුසාලි මැතිතුමා - සභාපති (1966–10)
අයි.එල්.එම්.ෂෙරීප් මැතිතුමා - උප සභාපති(1966-67)
එම්.අර්නොලිස් මැතිතුමා - නගර සභික(
එස්.කේ.ඩී.ධර්මප්‍රිය මැතිතුමා - නගර සභික(1966–68 ඉල්ලා අස්විය)
එන්.ඩී.සිරිසේන මැතිතුමා - නගර සභික
එච්.එච්.ෆොන්සේකා මැතිතුමා - නගර සභික
නිතිඥ ඒ.ප්‍රනාන්දු මැතිතුමා - නගර සභික
එම්.ඊ.රත්වත්ත මැතිතුමා - නගර සභික

1969–1970
එම්.එල්.එම්.අබුසාලි මැතිතුමා - සභාපති
එච්.එච්.ෆොන්සේකා මැතිතුමා - උප සභාපති
එස්.ඒ.ඩී.එප්.එස්.ජයවීර මැතිතුමා - නගර සභික
කේ.වී.එස්.පෙරේරා මැතිතුමා - නගර සභික
ඒ.ප්‍රනාන්දු මැතිතුමා - නගර සභික
ජී.එම්.ආර්.සිල්වා මැතිතුමා - නගර සභික
ජී.ඩබ්.සුගතදාස මැතිතුමා - නගර සභික
අයි.එල්.එම්.ෂරිප් මැතිතුමා - නගර සභික
එම්.අර්නෝලිස් මැතිතුමා - නගර සභික

(1970–1979 දක්වා විශේෂ කොමසාරිස් පලනය යටතේ පැවතිණි.)

1979–1982
ඇක්විනස් ප්‍රනාන්දු මැතිතුමා - සභාපති
ජී.ඩබ්.සුගතදාස මැතිතුමා - උප සභාපති
ජී.එම්.රොබ්සන් මැතිතුමා - නගර සභික
ඒ.එම්.එම්.මොහොමඩ් මැතිතුමා - නගර සභික
මුතුරාමන් ගනේෂන් මැතිතුමා - නගර සභික
දයාවංශ කාලිංග මැතිතුමා - නගර සභික
එන්.එන්.හෙට්ටිගොඩගේ මැතිතුමා - නගර සභික
අයි.කේ.සුනිල් ජයසේන මැතිතුමා - නගර සභික(1979-81ඉල්ලා අස්විය)
ඩබ්.යූ.සිරිසේන මැතිතුමා - නගර සභික
එම්.ඩබ්.ලාල්චන්ද්‍ර මැතිතුමා - නගර සභික

1983 –1987
ඇක්විනස් ප්‍රනාන්දු මැතිතුමා - සභාපති
එන්.කේ.ඩී.ධර්මප්‍රිය මැතිතුමා - උප සභාපති
ඩබ්.විමලසේන මැතිතුමා - නගර සභික
ඒ.එම්.එම්.මොහොමඩ් මැතිතුමා - නගර සභික
කේ.කේ.පියසේන මැතිතුමා - නගර සභික
එම්.ඩබ්.ලාල්චන්ද්‍ර මැතිතුමා - නගර සභික
එච්.ඒච්.පොන්සේකා මැතිතුමා - නගර සභික
ජී.ඩබ්.නෙල්සන් සිල්වා මැතිතුමා - නගර සභික
යු.ආර්.චාල්ස් ගුණසෝම මැතිතුමා - නගර සභික

1988–1991
ඒ.විජයසිංහ මැතිතුමා - සභාපති
ඊ.ජී.එච්.එන්.ප්‍රනාන්දු මැතිතුමා - උප සභාපති
ඒ.ඩබ්.ප්‍රේමවර්ධන ප්‍රේමසිරි මැතිතුමා - නගර සභික(1989–07–1 ඉල්ලා අස්විය)
ඒ.එල්.එම්.තාහීර් මැතිතුමා - නගර සභික
ඩබ්.විමලසේන මැතිතුමා - නගර සභික
යු.ආර්.චාල්ස් ගුණසෝම මැතිතුමා - නගර සභික(1989-02-01 ඉල්ලා අස්විය)
එන්.ඒ.තිස්සානන්ද මැතිතුමා - නගර සභික
මුතුරාමන් රාධක්‍රිෂ්ණන් මැතිතුමා - නගර සභික
බී.ඩබ්.ඒ.ජගත් සාමපාල මහතා - නගර සභික(1989-08-25ඉල්ලා අස්විය)
කේ.කේ.පියසේන මැතිතුමා - නගර සභික (1989-12-18 සිට)
ඒ.ආර්.එම්.අස්දීන් මහතා - නගර සභික (1989-12-18 සිට)

1991-07-01 දින සිට
ඒ.විජයසිංහ මැතිතුමා - සභාපති (1993.04.07 ඉල්ලා අස්විය)
ඊ.ජී.එච්.එන්.ප්‍රනාන්දු මැතිතුමා - උප සභාපති
ඩබ්.විමලසේන මැතිතුමා - නගර සභික
එස්.එම්.රවුෆ් මැතිතුමා - නගර සභික
එන්.ඒ.තිස්සානන්ද මැතිතුමා - නගර සභික
අරුණ ධම්මික ෆොන්සේකා මැතිතුමා - නගර සභික
මොහාන් සාලිය එල්ලාවල මැතිතුමා - නගර සභික (1993.04.07 ඉල්ලා අස්විය)
ඩබ්.එම්.එන්.ගාමිණී වීරසිංහ මැතිතුමා - නගර සභික
ඊ.ඒ.ජයන්ත ප්‍රේමකුමාර මැතිතුමා - නගර සභික

1993 අගෝස්තු සිට
ඊ.ජී.එච්.එන්.ප්‍රනාන්දු මැතිතුමා - සභාපති
ඩබ්.විමලසේන මැතිතුමා - උපසභාපති
එස්.එම්.රවුෆ් මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එන්.ඒ.තිස්සානන්ද මැතිතුමා - නගර සභා මන්ත්‍රී
අරුණ ධම්මික ‍ෆොන්සේකා මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ජී.එන්.රොබින්සන් සිල්වා මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.එම්.එන්.ගාමිණී වීරසිංහ මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඊ.ඒ.ජයන්ත ප්‍රේමකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එස්.කේ.ඩී.ධර්මප්‍රිය මැතිතුමා - නගර සභා මන්ත්‍රී

1997 අප්‍රේල් සිට
ඩබ්.එම්.එන්.ගාමිණී වීරසිංහ මැතිතුමා - සභාපති
ඊ.ඒ.ජයන්ත ප්‍රේමකුමාර මැතිතුමා - උපසභාපති
ටී.එච්.පූජදාස මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.ඒ.වසන්ත පුෂ්පකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඒ.එච්.එම්.ෆාරුක් මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.කේ.කපිල එස්.ද සිල්වා මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.විමලසේන මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එන්.ඒ.තිස්සානන්ද මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එස්.ඒ.ජෝර්ජ් මැතිතුමා - නගර සභා මන්ත්‍රී

2002-04-09 දින සිට
විමල‍සේන වැවේගෙදර මැතිතුමා - සභාපති
බී.සුනිල් කැම්ලස් ප්‍රනාන්දු මැතිතුමා - උපසභාපති
ඒ.එච්.එම්.සියාබ් මැතිතුමා - නගර සභා මන්ත්‍රී (2005.02.25 දක්වා)
එම්.ජේ.මලීක්ෂා මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එන්.ඒ.තිස්සානන්ද මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඒ.එම්.දයානන්ද චන්ද්‍රසිරි මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එස්.ඒ.ජෝර්ජ් මැතිතුමා මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.එම්.එන්.ගාමිණී වීරසිංහ මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.ඒ.වසන්ත පුෂ්පකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
කේ.පී.අනුර එදිරිවීර ජයසේකර මැතිතුමා - නගර සභා මන්ත්‍රී(2005.05.31 සිට)

2006-04-15 දින සිට
ඩබ්.එම්.එන්.ගාමිණී වීරසිංහ මැතිතුමා - සභාපති
සුමේධ චමින්ද බස්නායක මැතිතුමා - උපසභාපති
ඊ.ඒ.ජයන්ත ප්‍රේමකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ධර්මසේන සමරසිංහ මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඩබ්.ඒ.වසන්ත පුෂ්පකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එම්.ටී‍‍.එම්.රූමි මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එම්.නිමල් කරුණාරත්න මැතිතුමා - නගර සභා මන්ත්‍රී
යූ.එච්.ගාමිණී මැතිතුමා - නගර සභා මන්ත්‍රී
විමල‍සේන වැවේගෙදර මැතිතුමා - නගර සභා මන්ත්‍රී

2011-04-01 සිට මේ දක්වා

ඩබ්.එම්.නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා - සභාපති
ඩබ්.ඒ.වසන්ත පුෂ්පකුමාර ගුණරත්න මැතිතුමා - උපසභාපති
එස්.ධර්ම‍සෙ‍්න මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඒ.ඒ.ජයන්ත ‍ප්‍රේමකුමාර මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එම්.ටී.මොහොමඩ් රූමි මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එම්.නිමල‍් කරුණාරත්න මැතිතුමා - නගර සභා මන්ත්‍රී
ඒ.අසංක නිල්මිණී වි‍ජේසිංහ මැතිතුමා - නගර සභා මන්ත්‍රී
චමික ජයමිණී විමලසේන මැතිතුමා - නගර සභා මන්ත්‍රී
එම්.ජේ.මලීක්ෂා මැතිතුමා - නගර සභා මන්ත්‍රී


බළන්ගොඩ නගර සභාවේ හිටපු ලේකම්වරු

1966-ඇම්.ඊ.පීරිස් මහතා
1967-ජී.එච්.ටී.කේ.ඩයස් මහතා
1970-ඩී.මනම්පේරි මහතා
1970-ලීලාරත්න පණ්ඩිත විතාන මහතා
1973-සී.ද.එස්.ඇන්තනී මහතා
1975-ජී.පී.රාමදාස මහතා
1977-ඩී.බී.පතිරණ මහතා
1979-එන්.බී.රත්නායක මහතා
1988-ජී.එල්.සේන පරාක්‍රම මහතා
1991-ජී.විජිත නන්ද කුමාර මහතා
1991-එච්.පී.ජයවර්ධන පතිරත්න මහතා
1995-පී.එච්.නන්ද චන්ද්‍රසේන මහත්මිය
1997-එච්.ඩී.සුගතදාස මහතා
1998-ඒ.ඩබ්.රත්නසිරි විමලවීර මහතා
2001-එන්.වික්‍රමපාල මහතා
2002-ඩබ්.යූ.අමරදාස මහතා
2004-ඒ.බී.එස්.බණ්ඩාරවත්ත මහතා
2008-ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා


පහත පළවන ලිපිය 1991 වසරේදී බළන්ගොඩ නගර සභාව විසින් ප්‍රකාශයට පත් කල බළන්ගොඩ නවෝදය සමරු කලාපය සදහා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විසින් ලියන ලද්දකි. අතීතයේ බළන්ගොඩ නගර සභාව බිහිවීමට පෙර බළන්ගොඩ නගරය ආශ්‍රීත ප්‍රදේශයේ තොරතුරු ඔබට දැන ගැනීම පිණිස මෙහි මෙම ලිපිය පළකෙරේ

ඓතිහාසික බළංගොඩ

බළංගොඩ යන නම කෙසේ ඇති වී දැයි? පළමු කොට සලකා බැලිය යුතුය. අප කුඩා වියෙහි බළංගොඩ කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයෙහි පාඨපරීක්ෂණයට පැමිණි රණසිංහ නම් පාඨපරීක්ෂක මහතා අපට කරුණු පහදා දුන්නේය . එතෙක් අප ගමේ නම ලියුවේ බලංගොඩ කියාය.

පෙර දවස විමලධර්ම සුරිය නම් සිංහල රජෙකු පරංගිනට විරුද්ධව සටනක් මෙහෙය විමේදී මහනුවර සිට එන කදුකර මගින් 'ගහවටහීන්න'තෙක් සිය බට සේනාව ගෙනැවින් එහෙන් මැද්දේගම් නුවර දැන් (මද්දේගම)කරා පැමිණ ඊළගට මුරහලට (මොරහැලට)ද එයින් බටන්ගොඩ (දැන් බළංගොඩ) බළකොටුවට ද පැමිණැවී"යැයි කීය.'බටන්ගොඩ යන්න පසුව බළන්ගොඩ වීයැයි හේ පැවසියේය. බළන්ගොඩ කරව්කැටිය පැත්තෙන් ඕපනායකය තෙක් පැරණි මහ පාර වැටී තිබුනේය.දැන් තිබෙන මහපාර බ්‍රිතාන්‍ය රජයට මේ හෙළ දිව අයත් වු පසු කරවන ලද්දේය. කරව්කැටිය දිගේ යන පාරේ වම් පැත්තේ කොටුගොඩැල්ල නම් පෙදෙසක් ඇත. අප කුඩා කා‍ලයේ යහළු ළමුන් සමග නොයෙක් වර එය බලන්නට ගියෙමු. පැරණි සිංහල බලකොටුවේ ඉතිරිවු කොටස් ඒ කාලයේත් තිබුණී. එහි කොටු බැම්මේ කොටස් ගඩොලින් වැසී තිබුණි. මේ බළකොටුව නිසාම මේ පෙදෙස බළංගොඩ නම් විය. ගම විශාලව නියම් ගම් වුයෙන් මුළු පෙදෙසෙම 'බළන්ගොඩ' නමින් හැදින්විණ.

බළංගොඩ මයිල හයකින් පමණ එපිට වු උග්ගල් අළුත් නුවර ස්කන්ධ කුමාර දේවාලය ඒ විමලධර්ම සුරිය රජු විසින් යුදෙන් දිනනුවට වු බාරයක් සපුරාලීම් වශයෙන් කරන ලදැයි ජනප්‍රවාදයෙහි එයි. එය පිළිබද විස්තර කථාව අළුත් නුවර දෙවොලට අයත් පැරණි ලේඛණ වල ඇතැයි කලක් ඒ දේවාලයෙහි බස්නායක ධුරය දැරෑ ජයවර්ධන මහතා මා සමග කීවා මතකයි. බළංගොඩින් රත්නපුර අතට යන තවත් වක්‍ර මාර්ගයක් තිබුණු බව පැරණියන් අප හා කියා ඇත. ඒ බළංගොඩින් මැද්දේගම්පුර පාරෙන් රාස්සගලට යන අඩි පාරයි. පුරාතනයේ තුබුණූ මහපාර පිළිසකර නොකිරීම නිසා අද එය අඩි පාරක්ව ඇත. රාස්සගල යනු පුරාතන සිංහල භටයන් ඔත්තුබලන රහස් මුර පොළකි. එහි දැනට සුදර්ශනාරාමය පිහිටි ඉඩම නුදුරෙහි කන්ද උඩ මුරපොළ තිබුණේලු. එහි සිට බලන්නෙකුට පහත මාර්ගයෙහි බොහෝ ඈත එන අය පෙනෙති. සතුරු පිරිසක් එතොත් ඒ පිරිස දක්නට මුර සෙබළුන් මෙහි නවත්වා තිබු බැවින් ඒ හරිය 'ආරක්ෂාගල' නමිනි වැහැරැවිණ. එය ම පසු කලක 'රාක්සාගල' (රාස්සාගල) විය. රාස්සාගලින් එහාට ගිය විට බළකොටුන්න නම් ගම්මානය හමුවේ. මෙය හෙළ රජුන් දවස බලකොටුවන නම් වු පෙදෙසයි. එ‍හෙත් තව දුරට යන විට බඹරකොටුව හමුවේ. පරම කොටුව (ලොකුම බළකොටුව) යන්න පසු කලෙක 'බරම කොටුව 'බමර කොටුව ' වි දැන් 'බඹර කොටුව' නමින් වැහැරවෙතැයි සිතා ගත හැක. බඹර කොටුවෙන් බළ සෙනග 'ගල්ලෑල්ල' පාරේ රත්නපුරයට යන මග බළන්ගොඩ සිට මැද්දේගම පුරය හරහා රත්නපුරයට බලසෙනග ගමන් කළ රහස් වක්‍ර මාර්ගයයි.

මේ සියල්ල පැරණියන්ගේ මුඛපරම්පරාගත කතා මගින් බළන්ගොඩත් අවට පෙදෙසුත් ගැන අපට දැන ගන්නට ලැබුණුදෑය. මේ කථා කොතෙක් දුරට හරිද ,වැරදිදැයි නිශ්චිත කොට කියන්නට පැරණි පොත පතින් අප‍ට සාධක ලැබී නැත.

මීළගට බලන්ගොඩ අවුරුදු අසු පහකට පෙර තතු නම් හොද‍ට මතක ඇත. එදා අප විසුයේ අපේම ජන්ම භුම්ය වු කිරිදිගල නාරන්ගොඩ ගෙදරය. වයස හයේ පටන් කොට දොලොස් වන විය තෙක් මා සිටියේ අප පියාට අයත් බළගහ ළග වෙළද හළෙහිය. එහි සිට මගේ මිතුරු ළමුන් හා බෝඹුව පහල මස්සැන්නට නොදුරු දොඩම්ගල්ලෙන ඇල්ලෙඅරාව, නළුවෙළ, අළුත්නුවර යන පෙදෙස් වලට විනෝද ගමන් වශයෙන් නිවාඩු කාළවලදී යන සිරිතෙක් විය. පසු කලෙක උඩුමුල්ලට පදිංචියට ගියත් නෑදෑයින් වසන ඇල්ලෙඅරාව, අළුත් නුවර, කිරිදිගල යන ගම් වලට යෑම අත්නොහලෙමි. එබැවින් ඒ පෙදෙස් වල එදා තතු අද මෙන් මතක ඇත. එදා නම මේ ගම් වල ඉඩම් හිමියෝ සිංහල මිනිසුන්ය. තමා සතු වත්තක් පිටියක් කුඹුරක් නැති සිංහලයෙක් නොවී යැයි කිවයුතු තත්වයෙක් තිබුණි. පිටරට සුදු කම්පැනි මගින් තේ වැවිල්ල අරඹන්නට පෙර ඒ ඉඩම් වැඩි හරියක්ම සිංහල මිනිසුන්ගේ ගවපාලනයටද හේන් ගොවිතැනටද ඇරුණු පෙදෙස්ය. ඉහල නිල තල දැරෑ සිංහල ලොකුලොක්කෝ ඒ ඉඩම් බුත්ති වින්ද අයට රුපියල් පහක් වැනි සුළු මුදලක් දි ඔවුනට මතු ලොකු ආදායම් මගක් සලකන බව කියා ඔවුන් රවටා තමනට ඒවා ලබාගෙන සුද්දනට පැවරූහ. අනුන් යටතේ කුළී වැඩ කරන්නට එදා සිටි සිංහලයන් කැමතිනැති නියාව දැනගත් සුද්දෝ සිය දහස් ගනන් දෙමළ ජනයන් දකුණු ඉන්දියාවේ නොසරු පෙදෙස් වලින් වතු වල වැඩට ගෙනාහ. ජපානයට වු දෑ මෙහි නොලියමි. මේ සිංහල රට වැඩි හරියක් දෙමළ ජනයාගේ වාසස්ථාන බවට පත්වීම මෙයින් ඇරුඹිණ. තේරබර් වතු නිසා ඒවා අසළ කුඹුරු බොහෝවක් පාලු විය. මේ හෙළ දිවේ අනිත් පෙදෙස් වැටුණු මේ පල්ලමටම බළන්ගොඩ ද වැටිණ. වතු සුද්දන්ගේ ප්‍රයෝජනය පිණිස බළංගොඩ වීදීයේ මස් කඩයක් ද අරක්කු තැබෑරුමක් ද තේවතු වල දෙමල මිනිසුන් සදහා රා තැබෑරුමක්ද රජයෙන් විවෘත කැරුණහ. මස් කැමෙහි ගිජු නොවු මත් පැනට ලොල් නොවු සිංහලයෝ ඒවාට නොගියහ. කලක් යන විට කිසි සිංහලයෙක් ඒවායෙන් මස් මිලයට ගන්නට පුරුදු විය. තැබෑරුමට යන්නට පුරුදු විය . එහෙත් ඔවුන් එය කළේ බොහෝ රහසිනි. තැබෑරුමට ගියෙත් මස් කඩයට ගියෙත් එහි පිළිකන්නෙහින්ය. සිංහල බෞද්ධ රටක් වු මෙහි රටට නොගැලපෙන මෙබදු දෑ විජාතික ජාතිකයන්ගේත් ඔවුන්ගේ විදේශික සේවකයන්ගේත් ප්‍රයෝජනය තකා ඉංග්‍රිසි රජයෙන් අතන මෙතන ස්වල්ප වශයෙන් විවෘත කළත් ඒවා වැඩි කරන්නට තැත් නොකළහ. බහුතර ජනතාව කුපිත කරන්නට නොකැමැති බැවිනි. අප කුඩා වියෙහි සිංහල බෞද්ධයින් අතර බළංගොඩ මත් පැන් බොන අය සිටියේ දෙතුන් දෙනෙකි. එහෙත් සෙස්සෝ ඔවුන් පිළිකුල් කළහ. හෙලා දුටුහ. ගවමස් එළුමස් කන්නෝද නොවුහ. අබෞද්ධ ගෙවලට ඒවා ගෙන්වා ගත්තා මිස බෞද්ධ ගෙයකට වැද්ද නොගැනුණහ. මේ ගම්හි එදා එළකිරි සුළබය. එළගිතෙල් සුලභය. නගරයට නොදුරු හැම පෙදෙසකම ගව පාලනය සරුවට තුබු‍ණේය.

එදා පොලිසිය තිබුණේ 'බලගහ ළග' නම් පෙදෙසේ කෙළවර අද සමුපකාර වෙළද හල ඇති තැනය. පොලිස් බටයෝ තුන් දෙනෙක් හෝ ‍හතර දෙනෙකි. එක් සාජන් කෙනෙකි. පොලිසියට වැඩක් ලැබුනේ කලාතුරකිනි. හැම ගමකම ගම් ආරච්චි කෙනෙකු බැවින් ගමේ වැඩි අවුලක් නොවීය.කලාතුරකින් අවුලක් වුවත් ගම් ආරච්චි එය සංසිදුවයි. නැතහෝත් ගමේ පන්සලේ තෙරනුවෝ ඔවුන් කැදවා අවවාද කොට එය සංසිදුවයි. එදා මෙහි සිනමාහල් නොතිබුහ. ටෙලිවිෂන් නොවීය. රේඩියෝ කතා නොවිය. දහවල් තමන් රැකියාවල යෙදී හැන්දෑවේ නිවෙස් වලට එන අය වැඩි දෙනෙක් ළග පන්සලට ගියහ. මල් පහන් පිදුහ. වෙහෙරවැසි තෙරුන් හා ධර්මනිඃ ශ්‍රීත කතා බහේ යෙදී රෑ වන විට ගෙවලට ගියහ. සමහරු ළග ගෙවල්වල රැස්ව දෙතුන් දෙනා එක්ව ගුත්තිලය හෝ කුස ජාතකය ලෝවැඩ සගරාව වැනි කවි පොතක් කියවති. නැතහොත් කෙනෙකු ‍ජාතක කතාවක් කියන අතර සෙස්සෝ එයට කන් යොමු කරති. පන්සලේ දී ව්‍යාසකාරය ප්‍රත්‍යශතකය යනාදී පොත් කියවා අකුරු උගත් ගැමියෝ කුඹුරේදී වත්ත පිටියේදී කිසියම් ප්‍රශ්නයක් පැන ‍නැගුණහොත් ඕක මෙහෙම නොවැ පෙර සෘෂීන් වහන්සේලා කියලා තියෙන්නේ යැයි කියා ශ්ලෝකයත් කියති. නැත හොත් ලෝවැඩ සගරාවේ කවියක් කියති. එදා බළන්ගොඩ පැත්තේ සිට සිගරට් කටැ ගසා ගත්තෝ දක්නට නොලැබුණහ. සිගරට් බීම කලේද වතුකාර සුද්දෝය.

එළවළුවකින් දෙකකින් ව්‍යංජන එකක් දෙකක් පිසගෙන බත් ටිකක් කා සිරිසිදු ලිං වතුර හේ ඇලක දොලක වතුර බීම එළකිරි සුලභ බැවින් උදේට එළකිරි ටිකක් බීම හැම ගෙයකම පාහේ ගිතෙල් සාදන බැවින් බත් කන විට පළමුවෙන් ගිතෙල් ස්වල්පයක් සමග පළමු පත් පිඩ කෑම බොහෝ දෙනා බොජුන් ගන්නා සැටිය විය. වත්තපිටිය කුඹුර යන මේවායේ එළිකිරීම් වැට බැදීම් ආදී කොතෙකුත් වැඩ ඇති බැවින් මග තොටැ රස්තියාදු වන්නෝ නොවුහ. විහාර දේවාලය වල උත්සව කාලවල බොහෝ ඇතිනුදු සැදැහැවත්තු රැස් වෙති. උඩුමුල්ලේ පන්සලේ පින්කම් උත්සව කාලය තුල හුනුවල මොරහැල ආදී ඈත පෙදෙස් වලින් මහ පෙරහර වල් ආ නුමුත් දහස් ගණන් මිනිසුන් රැස්වුණ නමුත් ඒ පිරිස් සංසුන්කිරීමට පොලීසියේ සහායත්වය නො සෙවුහ. එවැන්නෙක් අවශ්‍යයද නොවීය. පැරණි සිංහල බෞද්ධ සිරිත් අනුගමනය කළ ඒ පින්වත්හු විහාර දේවාලය භූමිවල හැසිරෙන හැටි දැන සිටියහ. දැනුම අනුව පිළිපන්හ.

එදා බළන්ගොඩ සංසුන් පෙදෙසකි. උත්සව කාලවල බොහෝ පිරිස් රැස් වුවත් සංසුන් බව පැවතිණි. දුම්බොන්නන් බේබද්දන් තමන්ගේ ශරීර අසරණ සතුන්ගේ මළකුණු වළලන සොහොන් බවට පත් කරන්නන් එකකු දෙදෙනෙකු කලාතුරකින් හිටියත් ඔවුනට සමාජයේ තැනෙක් නොවීය. මිනිස්සු නවීන පන්නයට නොහැරුණත් ශිෂ්ඨ නීරෝග දීර්ඝායුෂකයෝ වුහ. 'ඩයබැටිස්' 'ප්රෙශර්' 'හාට්අටැක්' වකුගඩු ලෙඩ ආදී රෝග ඒ ගැමි ජනතා‍ව අතර නොවීය. ප්‍රතිශ්‍යාව, උණ, බඩරුජාව වැනි රෝගයක් කලාතුරෙකින් හැදෙතත් කිසි විටෙක ගෙහිම ඇති සුළු බෙහෙතකින් හෝ එසේත් නැත්නම් අසලක වසන බේත්වලට මුදල් අය නොකරන පරම්පරාගත මහජන සේවාවක් ‍වශයෙන් රෝගවලට නොමිලයේ ප්‍රතිකාර කරන වෙදමහතාගේ සුළු බෙහෙතකින් එය සුව විය. තව කිව යුතු බොහෝදෑ ඇත. කොටින් කියතොත් එදා බළන්ගොඩ අදට වඩා ශිෂ්ඨය. වඩා සන්සුන්ය. ජනතාව නිරෝගය. චාම්ය ය. ලද පමණින් තෘප්ත වුහ. එබැවින් සුඛිතය. හැම දෙනාම බිය සැක නැතිව සමගියෙන් උනුනට උපකාරි වෙමින් කල් ගෙවුහ. ඒ එදා බළන්ගොඩය. අද බළන්ගොඩ පමණක් නොව මුඵ හෙළ දිවම කෙබදු දැ? යි අප නොකීවට ඔබට පෙනෙනු ඇත. නිදහස ලැබුනායින් පසු වුයේ දවසින් දවස තැබෑරුම් මස් කඩ වැඩි වීමය. පුරාතන ගොවිතැන යන නම වැහැරැවුණේ ධාන්‍ය වර්ග පැල කොට ආදායම් ලබන මගටය. එහෙත් නිදහස ලැබුණායින් මරා කෑමට විකිණීම පිණිස ගව එළු බැටළු ඌරු කුකුළු ආදී සතුන් ඇති කරන තැන් අරඹවා ඒ තැන් වලටද ගොවිපලවල් යන උතුම් නම යොදා ඒ නමද කිළිටු කළහ. නිදහස ලැබුණු දා සිටම රටේ ජනතාව දවසින් දවස දුසිරිත් අතටම යොමුවීම බඩුමිල නැගීම ,දේශපාලන පක්ෂ භේද නැගීම, අසමගිය වැඩිවීම -කොටින් කියතොත් ධර්මදීවීපය යන නම ලැබු සිංහලද්වීපය ප්‍රාණඝාත මද්‍යපාන අල්ලස් සොරසතුරු බිය යනාදීයෙන් පිරුණු අධර්මාකාරයෙක් විය. රටේ හැම පැත්තේම වැඩුණු අධර්ම වසංගතයට බළන්ගොඩද එක්තරා පමණකට හසුවී ඇතැයි අතීත තොරතුරු දන්නා මැදහත් කාට උවත් වැටහෙනු ඇත. මේ පහත් තත්වයෙන් මුළු රටම ගොඩගන්නට වර්ථමාන රජයෙන් ගන්නා වෑයම නිසා කලකට පසු බළන්ගොඩ තත්වයද එහි පැරණී සංසුන් තත්වයට ම හෝ එයටත් වඩා හොද තත්ත්වයකට පැමිණෙතැයි අනුමානයෙන් සිතා ගත හැක්ක. මේ අතින් වර්ථමාන රජය ගන්නා උත්සාහය සාර්ථක වේවා පතම්හ.

නොදහම දුරුවේවා ,
දහම පැතිරේවා,
අසමගිය දුරුවේවා,
සාමය උදාවේවා!

-බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ -


© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.

- Solution by SankaSoft Creations - SRI LANKA -